Friday, July 28, 2017

Android phone එක server එකක් කරමු No Root

කොහොමද. කාලයකින් පස්සේ තමයි බ්ලොග් එකට ලියන්න හම්බවුනේ.
අදත් ඉතින් පොඩි මෙව්වා එකක් ගැන කියන් තමයි හදන්නෙ.

උඩ දකින්න ඇතිනෙ. තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය අංගසම්පූර්ණ වෙබ් සේවාදායක පරිගණකයක් (web server) කරන හැටි තමයි කියන්න යන්නෙ

මේක ඉතින් ගොඩාක්ම වැදගත් වෙන්නෙ web designing එහෙම කරන , කරන්න කැමති අයට තමයි. මොකද අපි web site එකක් එහෙම design කරද්දී Html පිටු විතරක් නෙවෙයි php වගේ file එහෙමත් හදනවනෙ හැබැයි ඉතින් html file එකක් හදලා ඉවර වෙලා ඒකේ ක්‍රියාකාරීත්වය web browser එක හරහාම බලන්න පුළුවන් වුනාට php file වගේ ඒවා එහෙම බලන්න බෑ. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ web server එකක් ඇතුලේ විතරයි. ඉතින් අපි web site එකක් design කරද්දී ඒකට අවශ්‍ය php වගේ file වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කරන්න ඒ file නිතරම web server එකකට upload කර කර ඉන්න එක මල කරුමයක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වලට මේ මම දෙන්න හදන ඇප් එක ඔයාලා ලඟ තිබුනොත් කිසිම internet ගාස්තුවක් නැතුවම ඔයාලගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය ඇතුලේ ඉදලාම මේ file test කරන්න පුළුවන්.

මේ ඇප් එකේ නම Palapa Web Server

( මේක මේ පිටුව පහලම තියෙන Download කියන එක ක්ලික් කරලා play store හරහා Download කරගන්න පුළුවන්  )

මේ ඇප් එක Download කරගෙන ඉවර වෙලා ඇප් එක open කරපුවාම ඒකට අවශ්‍ය tool pack එක වෙනම Download කරගන්න ඕන කියනවා. එතකොට ඒක install කරන්න. දැන් ඇප් එකේ install කිරිල්ල හරි.

දැන් පාවිච්චි කරන හැටි බලමු

1. මුලින්ම ඔයා කැමති විදියකට ඔයාගෙ web site එකේ pages ටික design කරගන්න

2. ඒ විදියට web site එකට අදාල html,php වගේ files සේරම storage/sdcard0/pws/www කියන path එකට දාගන්න

* ඒ කියන්නේ SD එකේ "pws" folder එක ඇතුලේ තියෙන "www" folder එක ඇතුලට web pages ටික දාගන්න

3.  දැන් ඉතින් අර ඇප් එක open කරලා "START ALL SERVICE" කියන එක ටච් කරලා server එක start කරන්න.

4. දැන් ඇප් එකේ ඇති IP එක සහා Port එක බලාගෙන මෙහෙම web browser එකේ ටයිප් කරන්න

" http://ip ලිපිනය:port එක "
උද. http://127.0.0.1:8080

හොඳට බලන්න ip එක හා port එක අතරට ( : ) සංකේතයම දාලද කියලා.  මෙහෙම නැතුව එතනටත් නකම්ම තිතක් විතරක් දැම්⁣මට මේක වැඩ කරන්නේ නෑ. තව දෙයක් මේකෙ කොතනකවත් හිඩැස් තියන්න එපා

ඔයා wifi හරහා ජාලය හදන්න හිතාගෙන ඉන්නවානම් මේ server එක විදියට පාවිච්චි කරන ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයි පරිශිලක ( ඒ කියන්නෙ මේ web site එකට පිටින් එන කෙනා ) විදියට භාවිතා කරන උපාංගයයි කියන දෙන්නම එකම wifi එකකට සම්බන්ධ වෙන්න. ඔයාලා පහල 4 වෙනි පින්තූරය බැලුවොත් පෙනෙයි මම මේ උදාහරණයක් විදියට මගේ phone එකේ hotspot දාලා මේ ඇප් එක open කරලා තියෙනවා.
එතන හොදට බැලුවොත් ඔයාලට පෙනෙයි එතන IP කියන කොටසේ 127.0.0.1 ට අමතරව තව 192.168.43.1 කියලත් එකක් තියෙනවා. ඒ තියෙන්නේ මගේ phone එකේ hotspot එකට අයිති ip එක

ගෙදර wifi රවුටරයක් තියෙනවනම් මම කලින් කවුවා වගේ server එක විදියට පාවිච්චි කරන ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයි පරිශිලක උපාංගයයි දෙකම ඒ රවුටරයේ wifi එකට සම්බන්ධ වෙන්න එතකොටත් කලින් කිව්වා වගේ ඒ රවුටරයට අදාල ip එකත් web server ඇප් එකේ පෙනෙයි ඊට පස්සේ web browser එකේ
"http://ඒ අදාල ip එක:පොට් එක" ඇතුළත් කරන්න.
උදා.2
http:192.168.43.1:8080

5. දැන් අර url එක හරියට ගැහුවාම web browser එකේ පොඩි පිටුවක් open වෙයි index of කියලා එ⁣කෙ අර ඔයා storage/sdcard0/pws/www කියන folder එකට දාපු file ටික පෙනෙයි ඒවා අතරින් ඔයා design කරපු web site එකේ home page එකට අදාල html file එක ක්ලික් කරලා එක open කරගන්න.

සැ.යු
වෙන උපාංග නැතුව server එක කරපු දුරකථනයම පරිශිලක උපාංගය විදියටත් පාවිච්චි කරන්න ඔනනම් අර web server ඇප් එක run කරලා එහෙමම home button එක ඔබලා මේ url එක ඔයාගෙ web browser එකේ ගහන්න http://127.0.0.1:8080 ඒකට wifi හෝ wifi hotspot කියන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ app එක start කලා url එක ගැහුවා එච්චරයි.

මම ලබන පාර මේකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් දාන්නම් phishing එහෙම

මතක ඇතුව වැඩේ ඉවර වුනාම අර run කරපු server එක stop කරන්න.

පහල photo ටික බැලුවාම මේක පැහැදිලි වෙයි.

මෙතන තියෙන Download ක්ලික් කරලා ඇප් එක බාගන්න.