Friday, January 19, 2018

Dialog miss call (Ring cut) service එක ගැන දන්නවද?

මේ පෝස්ට් එක ලියන්නේ අපේ Dialog sim පාවිච්චි කරන කට්ටියට වැදගත් දෙයක්

ඒ කියන්නේ අප් Dialog sim එකේ සතයක්වත් නැති වෙලාවක කාට හරි කතාකරන්න ⁣ෙඕන වුනොත් Dialog එක ගානේ අපට කතාකරන්න ඕන කෙනාට අපේ No. එකෙන් miss call එකක්, ඒ කියන්නේ Ring cut එකක් දෙන එක (වෙලාවෙ හැටියට ඒකත් වටිනවා)

මෙන්න code එක ( ඩයල් කරන්න )

#356*3*<number>#
මේ code එකේ number කියන තැනට Ring cut එක දෙන්න ඕන කෙනාගේ phone number එක දාන්න (Dialog only)

ඒ වගේම #356*4*1*<number># කියන code එක භාවිතා කරලා "please call me. Thank you" කියලා sms එකක් යවන පුළුවන්.

ඔන්න එහෙනම් මම ගියා. ඔයාලට මේ පෝස්ට් එක වැදගත් වෙයි කියලා හිතනවා.

Tuesday, October 3, 2017

Protect RAR file unlock කරමු.

ඔන්න අදත් පට්ට වැඩ කෑල්ලක් අරන් ම ආවා. ලියන නම් ගොඩාක් අලුත් වැඩ කෑලි තිබුනත් ඒවා බ්ලොග් එකට දාන්න වෙලාවක් තමයි නැත්තෙ. කමක් නෑ අපි ආපු වැඩේට බහිමුකෝ.

උඩ දකින්න ඇති⁣නෙ මේක පොඩි software එකක් . දැනට අන්තර්ජාලයේ මේ rar file unlock කරන්න එක එක ක්‍රම තිබුනත් ඒවා එච්චර සාර්ථක නෑ නමුත් මේක ගොඩාක් දුරට සාර්ථක ක්‍රමයක්
මෙතනදී වෙන්නෙ මේ මෘදුකාංගයෙන් වෙන්න අපි දෙන rar file එකේ password එකේ තියෙන්න පුළුවන් හැම විදිහටම password ඇතුල් කරලා බලනවා. හරි p.w එක හම්බවෙනකම්ම. ඉතින් rar file එකේ password එක හොද strong එකක් නම් password එක හොයාගන්න යන කාලයත් වැඩියි.

Software එක මෙතන ක්ලික් කරලා බාගෙන ඒ rar එක extract කරන්න . දැන් එක ඇතුලේ තියෙන setup install කරලා ඒ rar file එක ඇතුලෙම crack folder එක ඇතුලේ තියන file එක copy කරලා අර install විච්ච directory එකට paste කරන්න .
දැන් ඉතින් හොර වැඩෙත් හරි ;-) දැන් ඉතින් password තියෙන rar file හිතේ හැටියට unlock කරන්න.

මම මේ software එක ගැන දැනගත්තෙ  http://cyberlk17.blogspot.com
(කතෘ අයිතිය තියන්න ඕනනෙ :-) )

Friday, July 28, 2017

Android phone එක server එකක් කරමු No Root

කොහොමද. කාලයකින් පස්සේ තමයි බ්ලොග් එකට ලියන්න හම්බවුනේ.
අදත් ඉතින් පොඩි මෙව්වා එකක් ගැන කියන් තමයි හදන්නෙ.

උඩ දකින්න ඇතිනෙ. තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය අංගසම්පූර්ණ වෙබ් සේවාදායක පරිගණකයක් (web server) කරන හැටි තමයි කියන්න යන්නෙ

මේක ඉතින් ගොඩාක්ම වැදගත් වෙන්නෙ web designing එහෙම කරන , කරන්න කැමති අයට තමයි. මොකද අපි web site එකක් එහෙම design කරද්දී Html පිටු විතරක් නෙවෙයි php වගේ file එහෙමත් හදනවනෙ හැබැයි ඉතින් html file එකක් හදලා ඉවර වෙලා ඒකේ ක්‍රියාකාරීත්වය web browser එක හරහාම බලන්න පුළුවන් වුනාට php file වගේ ඒවා එහෙම බලන්න බෑ. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ web server එකක් ඇතුලේ විතරයි. ඉතින් අපි web site එකක් design කරද්දී ඒකට අවශ්‍ය php වගේ file වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කරන්න ඒ file නිතරම web server එකකට upload කර කර ඉන්න එක මල කරුමයක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වලට මේ මම දෙන්න හදන ඇප් එක ඔයාලා ලඟ තිබුනොත් කිසිම internet ගාස්තුවක් නැතුවම ඔයාලගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය ඇතුලේ ඉදලාම මේ file test කරන්න පුළුවන්.

මේ ඇප් එකේ නම Palapa Web Server

( මේක මේ පිටුව පහලම තියෙන Download කියන එක ක්ලික් කරලා play store හරහා Download කරගන්න පුළුවන්  )

මේ ඇප් එක Download කරගෙන ඉවර වෙලා ඇප් එක open කරපුවාම ඒකට අවශ්‍ය tool pack එක වෙනම Download කරගන්න ඕන කියනවා. එතකොට ඒක install කරන්න. දැන් ඇප් එකේ install කිරිල්ල හරි.

දැන් පාවිච්චි කරන හැටි බලමු

1. මුලින්ම ඔයා කැමති විදියකට ඔයාගෙ web site එකේ pages ටික design කරගන්න

2. ඒ විදියට web site එකට අදාල html,php වගේ files සේරම storage/sdcard0/pws/www කියන path එකට දාගන්න

* ඒ කියන්නේ SD එකේ "pws" folder එක ඇතුලේ තියෙන "www" folder එක ඇතුලට web pages ටික දාගන්න

3.  දැන් ඉතින් අර ඇප් එක open කරලා "START ALL SERVICE" කියන එක ටච් කරලා server එක start කරන්න.

4. දැන් ඇප් එකේ ඇති IP එක සහා Port එක බලාගෙන මෙහෙම web browser එකේ ටයිප් කරන්න

" http://ip ලිපිනය:port එක "
උද. http://127.0.0.1:8080

හොඳට බලන්න ip එක හා port එක අතරට ( : ) සංකේතයම දාලද කියලා.  මෙහෙම නැතුව එතනටත් නකම්ම තිතක් විතරක් දැම්⁣මට මේක වැඩ කරන්නේ නෑ. තව දෙයක් මේකෙ කොතනකවත් හිඩැස් තියන්න එපා

ඔයා wifi හරහා ජාලය හදන්න හිතාගෙන ඉන්නවානම් මේ server එක විදියට පාවිච්චි කරන ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයි පරිශිලක ( ඒ කියන්නෙ මේ web site එකට පිටින් එන කෙනා ) විදියට භාවිතා කරන උපාංගයයි කියන දෙන්නම එකම wifi එකකට සම්බන්ධ වෙන්න. ඔයාලා පහල 4 වෙනි පින්තූරය බැලුවොත් පෙනෙයි මම මේ උදාහරණයක් විදියට මගේ phone එකේ hotspot දාලා මේ ඇප් එක open කරලා තියෙනවා.
එතන හොදට බැලුවොත් ඔයාලට පෙනෙයි එතන IP කියන කොටසේ 127.0.0.1 ට අමතරව තව 192.168.43.1 කියලත් එකක් තියෙනවා. ඒ තියෙන්නේ මගේ phone එකේ hotspot එකට අයිති ip එක

ගෙදර wifi රවුටරයක් තියෙනවනම් මම කලින් කවුවා වගේ server එක විදියට පාවිච්චි කරන ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයි පරිශිලක උපාංගයයි දෙකම ඒ රවුටරයේ wifi එකට සම්බන්ධ වෙන්න එතකොටත් කලින් කිව්වා වගේ ඒ රවුටරයට අදාල ip එකත් web server ඇප් එකේ පෙනෙයි ඊට පස්සේ web browser එකේ
"http://ඒ අදාල ip එක:පොට් එක" ඇතුළත් කරන්න.
උදා.2
http:192.168.43.1:8080

5. දැන් අර url එක හරියට ගැහුවාම web browser එකේ පොඩි පිටුවක් open වෙයි index of කියලා එ⁣කෙ අර ඔයා storage/sdcard0/pws/www කියන folder එකට දාපු file ටික පෙනෙයි ඒවා අතරින් ඔයා design කරපු web site එකේ home page එකට අදාල html file එක ක්ලික් කරලා එක open කරගන්න.

සැ.යු
වෙන උපාංග නැතුව server එක කරපු දුරකථනයම පරිශිලක උපාංගය විදියටත් පාවිච්චි කරන්න ඔනනම් අර web server ඇප් එක run කරලා එහෙමම home button එක ඔබලා මේ url එක ඔයාගෙ web browser එකේ ගහන්න http://127.0.0.1:8080 ඒකට wifi හෝ wifi hotspot කියන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ app එක start කලා url එක ගැහුවා එච්චරයි.

මම ලබන පාර මේකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් දාන්නම් phishing එහෙම

මතක ඇතුව වැඩේ ඉවර වුනාම අර run කරපු server එක stop කරන්න.

පහල photo ටික බැලුවාම මේක පැහැදිලි වෙයි.

මෙතන තියෙන Download ක්ලික් කරලා ඇප් එක බාගන්න.

Thursday, June 22, 2017

Android / PC ඕන එකකින් Software නැතුව Youtube video Download කරමු.

අද කියන්නෙ Software මොකුත්ම නැතුව Youtube videos download කරන විදිහ. මේක ගොඩාක් අය දැන් දන්නවා හැබැයි එක දෙයක් හැමෝම හිතාගෙන ඉන්නෙ මේ විදියට youtube video Download කරන්න පුළුවන් pc වලින් විතරයි කියලා mobile phone / tab වගේ දේවල් වලින් මේ විදියට Download කරන්න බෑ කියලා ඒකට හේතුව තමයි මේ විදියට youtube video download කරන්න, අපිට ඒ video එකේ url එක අවශ්‍ය වෙන එක. PC එකේනම් video එකට අවශ්‍ය url එක browser එකේ උඩ url ටයිප් කරන තැනෙන් copy කරගන්න පුළුවන් ඒ වුනාට mobile phone / tab වගේ ඒවගෙ අපිට අවශ්‍ය video එකේ url එක ගන්න බෑනෙ ඒක⁣ට හේතුව ඒවගෙ youtube video play වෙන youtube ඇප් එකේ video එකට අදාල url එක නොපෙනෙන එක. ඒකට පොඩි ට්‍රික් එකක් මම පහල දාන්නම්. (හැබැයි chrome එකේනම් එහෙම අවුලක් නෑ)

කෝකටත් කතාව මැදින් පටන්ගන්න බැරි නිසා මේ video Download කිරිල්ල මුල ඉඳලම පියවරෙන් පියවර මම කියලා දෙන්ම්.

මෙන්න පියවර ටික අංක පිලිවෙලට බලන්න.

1. ඔයාට Download කරන්න අවශ්‍ය youtube video එකේ Url එක ගන්න.

* මෙන්න අර ට්‍රික් එක ඔයා android උපාංගයක් හරහා video එක Download කරන්න හිතාගෙන ඉන්නවානම් ඒ video එකේ නම youtube එකෙන් බලාගෙන ඒ නමම web browser එක හරහා google search කරන්න එතකොට ඒ අදාල youtube video එක google search results අතරට අැවිත් තියෙයි. එතකොට ඒ video results වලින් Download කරගන්න අවශ්‍ය video එක උඩ ටිකක් වෙලා touch කරගෙන ඉදලා එන මෙනුවෙන් " copy link url " කියන එක touch කරලා ඒක copy කරගන්න.

2. දැන් ඒ ලින්ක් එක කොතනක හරි paste කරන්න (web browser එකේ url bar එකේම වුනත් කමක් නෑ)

3. දැන් ඒ url එකේ http:// කියන කොටසයි youtube කියන කොටසයි අතර හිඩැසක් නොතියෙන්න ss ටයිප් කරන්න.

උදා:- 

පියවර 1 https://www.youtube.com/watch?v=FueHN88fcY8

පියවර 2 https://www.ssyoutube.com/watch?v=FueHN88fcY8

3. දැන් අර උදා පියවර 2 දී වගේ ss ටයිප් කරලා ඒ url එක enter කරන්න එතකොට එන අලුත් පිටුවෙන් ඔයා තෝරපු youtube video එක ඔයාට අවශ්‍ය ⁣ format එකකින් Download කරගන්න.

වැදගත් :-
සමහරවිට අර url එක
https://www.youtube.com/watch?v=FueHN88fcY8
කියලා නැතුව
https://m.youtube.com/watch?v=FueHN88fcY8
කියලා උනත් තියෙන්න පුළුවන් එහෙම උනොත් අවුලක් නෑ එත් අර විදිහට ම m අකුරයි තිතයි www ටිකයිඅයින් කරලා https://ssyoutube.com/watch?v=FueHN88fcY8 කියලා ටයිප් කරන්න.

මේ ක්‍රමේ ලොකුම වාසිය තමයි මේ පියවර අතරෙදී youtube site එකට යන එක ගොඩක් ම අඩු නිසා ඔයාලා online youtube video බලද්දී යන ඩේටා ප්‍රමානයට වඩා ගොඩක් ඩේටා ඉතුරු වෙන එක.

පහල images ටික බැලුවාම තවත් පැහැදිලි වෙයි.

Wednesday, June 7, 2017

Dialog start points ටික Reload එකක් විදියට දාගමු

ඔයාලත් ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා දැකලා ඇති කාලෙකට සැරයක් Dialog එකෙන් sms එකක් එවනවා ඔයාගෙ startpoints කල් ඉකුත් වෙන්න කලින් ඒ points පාවිච්චි කරන්න කියලා. හැබැයි අපි ඉතින් ඒ sms එක වැඩිය ගනන් ගන්න් නැති නිසා Star points හැමදාම එකතු වෙලා expire වෙනවා. හැබැයි මේකෙන් Prepaid අයට account balance එක වැඩි කරගන්නයි, Postpaid අයට බිල ගෙවන්නයි පුළුවන්.

Startpoints ගාන බලන්නෙ කොහොමද

#141# වලට ගිහින් Step by step වලින් Starpoint balance එක බලාගන්න පුළුවන්.

 Reload කරගන්නේ කොහොමද?

මේකට මෙකට අපේ startpoints ගාන 100 ට ⁣වැඩි වෙන්න ඕන. අපි හිතමු 175 ක් තිබුනා කියලා, එතකොට වැඩිපුර තියන 75 reload එකක් විදියට දාගන්න පුළුවන්. ඔයාට Starpoint 250 ක් තිබුනොත් 150  ක් reload කරගන්න පුළුවන්.

අපි හිතමු Starpoint ගණන 131 යි කියලා. එතකොට අපිට reload කරන්න පුළුවන් 31 යි. එකට message එකක.

Star pay 31    කියලා message එක 141 ට යවන්න.

මමත් මේක කලා හරිගිය නිසා තමයි බ්ලොග් එකටත් දාන්න හිතුවේ පහල screen shots ටික බලන්නකො.

මම මේක දැනගත්තෙ සයිබර් අවකාශ බ්ලොග් සයිට් එකෙන්. 

(අනුුන් මහන්සි වෙලා ලියපු බ්ලොග් පෝස්ට් හොරා වගේ මමත් කොපි කරන එක හරි නැති නිසා තමයි නම දැම්මෙ.)

http://lahirucyberspace.blogspot.com

Monday, May 29, 2017

Android උපාංගයේ Volume up down button එක කැඩුණද ? මෙන්න අපෙන් විසදුමක්

අද කියන්නේ ගේම් එකක් ගැනනම් නෙවෙයි. ඔයාගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයේ (tab/phone) Volume ± button දෙක කැඩුණොත් ඒකට කරන්න පුළුවන් පිළියමක්.
ඉතින් ඔයාලා දන්නවනෙ ගොඩක් ඇන්ඩ්‍රෝයිඩ් උපාංග තියෙන්නේ ස්පර්ශ සංවේදී තිරයක් සහිතව නෙ, ඒ කියන්නේ touch screen එක touch කිරීම මගින් තමයි මේ උපාංග වල ගොඩක් ක්‍රියාකාරකම් කරන්නේ. ඉතින් මේ උපාංග වල යාන්ත්‍රික ක්‍රමයට ක්‍රියාත්මක වෙන button විදියට තියෙන්නේ Home button එකයි Power  button එකයි Volume ± button එකයි විතරයි. (සමහර උපාංග වල Home button එකත් touch ක්‍රමයට ම තියෙනවා) ඉතින් මේ යාන්ත්‍රික buttons ඔයාලා පාවිච්චි කරන විදිහ අනුව ඉක්මනින්ම නිවන් දකින්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි Home button , Power button වගේ උපාංගයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ප්‍රධානවම බලපාන buttons අලුත්වැඩියා කළාට , Volume ± button එක වගේ ක්‍රියාකාරීත්වයට ගොඩාක් ම ප්‍රබල විදියට බලපාන්නෙ නැති buttons අලුත්වැඩියා කරන්න ඒ තරම් ම උනන්දු වෙන්න නෑ. හැබැයි ටික කාලයක් යද්දී ම අපිට තේරුම් යනවා මේ volume button එකේ වැදගත්කම. ඉතින් ඒ වගේ වෙලාවට සාමාන්‍ය volume button එකේ කාර්ය ම touch screen එක හරහාම කරගන්න පුළුවන් විදියට හදපු ඇප් එකක් තමයි මේ A-Volume කියන්නේ. මේ ඇප් එක widget එකක් විදියට Home screen එකේ තියාගෙන ඔයාට අවශ්‍ය විදියට උපාංගයේ හඩ අඩු වැඩි කරගන්න පුළුවන්

මේ ඇප් එක ඒ තරම් විශාල ධාරිතාවක් තියෙන ඇප් එකක් නෙවෙයි මේ ඇප් එකේ size එක 257 KB තරම් ඉතා කුඩා අගයක් වෙනවා.

මේ ඇප් එක භාවිතා කරන්න එච්චර අමාරු නෑ install කරලා මුලින්ම එන විස්තර හරියට පිලිපදන්න.

විශේෂම දේ තමයි මේ ඇප් එක install කරන්න ඔන Internal storage එකේ විතරයි. නැතුව External storage එකේ install කළොත් ඇප් එක ක්‍රියාත්මක වුනාට widget එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා මතක අැතුව internal storage එකේම install කරන්න.

Widget දාන හැටි නම් දන්නවා ඇතිනෙ
පහල screen shots ටික බැලුවාම ඇප් එක පාවිච්චි කරන හැටි පැහැදිලි වෙයි.

අපිට අවශ්‍ය option වලට ටික් එකක් දාන්න widget එකේ පාට විනිවිද බව වගේ දේවල් settings වලදී ඔයාට පාලනය කරගන්න පුළුවන්.

මෙන්න මෙතන ක්ලික් කරලා ඇප් එක Download කරගන්න

Thursday, May 25, 2017

ඇන්ඩ්‍රෝයිඩ් වලට හොදම windows launcher එක

මම අද කියන්නෙ තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය වින්ඩෝස් os එක වගේ කරගන්න කැමති අයට වැදගත් වෙන launcher එකක් ගැන.

ඒ තමයි Android Windows 7 කියන ඇප් එක. වැඩිය විස්තර නම් දාන්න දෙයක් නෑ. මේ launcher එක mobile එකකට වඩා tab එකකට නම් ගොඩාක් ලස්සනයි.

මෙන්න මෙතන ක්ලික් කරලා ඇප් එක Download කරගන්න.

ඔයාලා දැන් මේ පෝස්ට් එක බලන්නෙ pc එකෙන් නම් mobile එක හරහා මේ ඇප් එක Download කරගන්න අවශ්‍ය නම් පහල QR code එක scan කරන්න.

පහල screen shot ටිකකුත් තියෙනවා.
මම මේ ඇප් එක ගැන මම දැනගත්තේ මනුෂ අයියගෙ බ්ලොග් එකෙන්.