Thursday, June 22, 2017

Android / PC ඕන එකකින් Software නැතුව Youtube video Download කරමු.

අද කියන්නෙ Software මොකුත්ම නැතුව Youtube videos download කරන විදිහ. මේක ගොඩාක් අය දැන් දන්නවා හැබැයි එක දෙයක් හැමෝම හිතාගෙන ඉන්නෙ මේ විදියට youtube video Download කරන්න පුළුවන් pc වලින් විතරයි කියලා mobile phone / tab වගේ දේවල් වලින් මේ විදියට Download කරන්න බෑ කියලා ඒකට හේතුව තමයි මේ විදියට youtube video download කරන්න, අපිට ඒ video එකේ url එක අවශ්‍ය වෙන එක. PC එකේනම් video එකට අවශ්‍ය url එක browser එකේ උඩ url ටයිප් කරන තැනෙන් copy කරගන්න පුළුවන් ඒ වුනාට mobile phone / tab වගේ ඒවගෙ අපිට අවශ්‍ය video එකේ url එක ගන්න බෑනෙ ඒක⁣ට හේතුව ඒවගෙ youtube video play වෙන youtube ඇප් එකේ video එකට අදාල url එක නොපෙනෙන එක. ඒකට පොඩි ට්‍රික් එකක් මම පහල දාන්නම්. (හැබැයි chrome එකේනම් එහෙම අවුලක් නෑ)

කෝකටත් කතාව මැදින් පටන්ගන්න බැරි නිසා මේ video Download කිරිල්ල මුල ඉඳලම පියවරෙන් පියවර මම කියලා දෙන්ම්.

මෙන්න පියවර ටික අංක පිලිවෙලට බලන්න.

1. ඔයාට Download කරන්න අවශ්‍ය youtube video එකේ Url එක ගන්න.

* මෙන්න අර ට්‍රික් එක ඔයා android උපාංගයක් හරහා video එක Download කරන්න හිතාගෙන ඉන්නවානම් ඒ video එකේ නම youtube එකෙන් බලාගෙන ඒ නමම web browser එක හරහා google search කරන්න එතකොට ඒ අදාල youtube video එක google search results අතරට අැවිත් තියෙයි. එතකොට ඒ video results වලින් Download කරගන්න අවශ්‍ය video එක උඩ ටිකක් වෙලා touch කරගෙන ඉදලා එන මෙනුවෙන් " copy link url " කියන එක touch කරලා ඒක copy කරගන්න.

2. දැන් ඒ ලින්ක් එක කොතනක හරි paste කරන්න (web browser එකේ url bar එකේම වුනත් කමක් නෑ)

3. දැන් ඒ url එකේ http:// කියන කොටසයි youtube කියන කොටසයි අතර හිඩැසක් නොතියෙන්න ss ටයිප් කරන්න.

උදා:- 

පියවර 1 https://www.youtube.com/watch?v=FueHN88fcY8

පියවර 2 https://www.ssyoutube.com/watch?v=FueHN88fcY8

3. දැන් අර උදා පියවර 2 දී වගේ ss ටයිප් කරලා ඒ url එක enter කරන්න එතකොට එන අලුත් පිටුවෙන් ඔයා තෝරපු youtube video එක ඔයාට අවශ්‍ය ⁣ format එකකින් Download කරගන්න.

වැදගත් :-
සමහරවිට අර url එක
https://www.youtube.com/watch?v=FueHN88fcY8
කියලා නැතුව
https://m.youtube.com/watch?v=FueHN88fcY8
කියලා උනත් තියෙන්න පුළුවන් එහෙම උනොත් අවුලක් නෑ එත් අර විදිහට ම m අකුරයි තිතයි www ටිකයිඅයින් කරලා https://ssyoutube.com/watch?v=FueHN88fcY8 කියලා ටයිප් කරන්න.

මේ ක්‍රමේ ලොකුම වාසිය තමයි මේ පියවර අතරෙදී youtube site එකට යන එක ගොඩක් ම අඩු නිසා ඔයාලා online youtube video බලද්දී යන ඩේටා ප්‍රමානයට වඩා ගොඩක් ඩේටා ඉතුරු වෙන එක.

පහල images ටික බැලුවාම තවත් පැහැදිලි වෙයි.

No comments:

Post a Comment