Showing posts with label ඇප් කඩේ. Show all posts
Showing posts with label ඇප් කඩේ. Show all posts

Sunday, January 29, 2017

Root නැතිව screen record කරමු

screen recording කියන්නෙ මොකක්ද කියලා දන්නවද?   ඕක දන්නෙ නැති එකෙක් ඉන්නවද නේ. screen recording කියන්නෙ ඉතින් තමන්ගෙ දුරකථනයේ හරි ටැබ් එකේ එහෙමත් නැත්නම් pc එකේ තිරයේ පෙනෙන දේවල් වීඩියෝ එකක් විදිහට පටිගත කිරීම. pc එකට නම් මේක එච්චර ගේමක් නෑ මොකද pc වලට ඔය screen recording software ඕන තරම් තියෙනවා. ඒ වුනාට android කස්ටියටනම් ඒක ටිකක් අමාරු වැඩක් මොකද ඇන්ඩ්‍රෝයිඩ් වලට screen recording apps ඕන තරම් Google play Store එකේ එහෙම තිබුණත් ඒවට root ඕන නැත්නම් ඇන්ඩ්‍රෝයිඩ් ලොලිපොප් ඕන. දැනටමත් phone එක root කරලා තියෙන අයටයි ඇන්ඩ්‍රෝයිඩ් ලොලිපොප් තියෙන අයට විතරයි ඒකේ ආතල් ගන්න පුළුවන් වෙන්නේ.ඒ වුනාට ඇන්ඩ්‍රෝයිඩ් phone එකක් අලුතෙන් ගත්ත අය නම් තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් phone එක root කරන්නේ නෑනෙ මොකද ගැරන්ටි නැති වෙනවාට බයයි. තවත් සමහරු තමන්ගෙ phone එක අරගෙන, දාගන roooooooooot කලත් root වෙන්නේ නෑ. අන්න ඒ වගේ අයට තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන හෝ ටැබ් එක root කිරීමකින් තොරවම screen එක record කරන්න තියෙන හොඳම ඇප් එකක් තමයි Mobizen කියන්නේ මේකෙ වාසි තමයි 

1. root ඕනම නැ
2. තමන්ට අවශ්‍ය කොලිටි වලට රෙකෝඩ් කරන්න පුළුවන්
3. ඒ රෙකෝඩ් එකේ තමන්ට අනවශ්‍ය කොටස් ඉවත් කරලා edit කරගන්න පුළුවන්.

ඉතින් මේ වගේ තව වාසි ගොඩක් තියෙනවා ඔයාලත් අරගෙනම බලන්න..
මම ගියා..

මේ link එක ක්ලික් කරලා play store එකට ගිහින් Mobizen ඇප් එක Download කරගන්න 

https://play.google.com/store/apps/details?id=com.rsupport.mvagent


Friday, October 28, 2016

Online file sharing අන්තර්ජාලය හරහා ලිපිගොනු බෙදාගැනීම

අදත් ඔන්න මම පොඩි වැඩ කෑල්ලක් අරගෙනයි ආවෙ ඒ තමයි online file sharing ඒ කියන්න අන්තර්ජාලය හරහා අපේ ලඟ තියෙන apps,videos,photos,mp3 වගේ දේවල් තවත් කෙනෙකුට බෙදාදීම (Download කිරීමට ලබාදීම) අද කාලෙ මේ වගේ දේවල් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වුනත් තවමත් මේවා ගැන වැඩි දැනුමක් නැති අය ඉන්නවා. ඒ අයටත් මේ වගේ දේවල් ඉගෙනගන්න අවස්ථාව ලබාදෙන එක  තමයි අපේ වගකීම. ඔන්න එහෙනම් කතාව නවත්වලා වැඩේට බහිමු. මේ online file sharing කියන සේවාව අපට ලබාදෙන ගොඩක් වෙබ් අඩවි තිබුණත් අද මම කතා කරන්නෙ Zippyshare කියන වෙබ් අඩවියෙන් ලබාදෙන file sharing ස්වය ගැන. (මම මේ zippyshare ගැනම කතා කරන්නේ මේ වෙබ් අඩවිය භාවිතා කරන එක ගොඩක් ලේසියි. ඒ වගේම මේ සේවාව අපට ලැබෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ) ඉස්සෙල්ලාම ඔයාලා මේ zippyshare වෙබ් අඩවියට මෙතනින් යන්න. මේ අඩවිය පාවිච්චි කරන්න කලින් ඔයාලා මේ වෙබ් අඩවියෙහි ලියාපදිංචි වෙන්න ඕන. ඒකට මේ වෙබ් අඩවියට පිවිසුණාම උඩම තියෙන (New) Sign Up! කියන කොටස ක්ලික් කරලා එන පෝමර්  එකට Username:  Password: එහෙම දීලා ලියාපදිංචි වෙන්න. පහල තියෙන රූප දෙක බැලුවාම ඔයාලාට මේක පැහැදිලි වෙයි.
ලියාපදිංචි වෙලා ඉවරයි නම් දැන් අපේ files මේ අඩවියට upload කරන හැටි බලමු ඒ සදහා ඔයාලා කලින් හදාගත්තු zippyshare එකවුන්ට් එකේ Username:  Password: වෙබ් පිටුවේ උඩ තියෙන Login කියන තැනට ඇතුළත් කරලා Login වෙන්න. ඊට පස්සේ එන පිටුවේ තියෙන "Old HTML Upload" කියලා තියෙන තිරුවේ දකුණු පැත්තෙන් තියෙන "BROWSE" කියන තැන ක්ලික් කරලා ඔයාලාට ඕන කරන file එක තෝරලා "START UPLOAD" කියන එක ක්ලික් කරලා upload කරන්න. (1 රූපය) ඒ file එක upload වෙලා ඉවර වුනාම වෙනත් වෙබ් පිටුවක් එයි ඒ පිටුවේ තියෙන web link එක copy කරගන්න. ඊට පස්සේ ඒ web link එක ඔයාලාට ඕන කරන කෙනෙකුට යවන්න. එතකොට එ් කෙනාට ඒ web link එක Web Browser එකේ ධාවනය කරලා ලැබෙන වෙබ් පිටුවේ තියෙන
"DOWNLOAD NOW" කියන තැන ක්ලික් කරලා ඔයා upload කරපු file එක Download කරගන්න පුළුවන්. (2 රූපය)

ඔයාලාට ඕන files upload කරන්න නිතරම මේ zippyshare වෙබ් අඩවියට යන එන එක අමාරු නිසා ඒක පහසු කරන්න මම පොඩි ඇප් කෑල්ලක් හැදුවා ඕන අය ඒකත් පහල තියෙන "Download this image" කියන image එක ක්ලික් කරලා ඒකත් Download කර ගන්නකෝ. ඒ image එක ඇතුලේ සඟවලා තියෙන app එක එලියට ගන්න විදිහ පහල දාලා තියනවා.

තව දෙයක් මේ උඩ දාලා තියෙන zippyshare site එක ගොඩක්ම වැදගත් වෙන්න බ්ලොග් එකක් තියෙන කෙනෙකුට මොකද බ්ලොග් එකක් හරහා මොකක්හරි file එකක් Download කරන්න දෙන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්නේ. එහෙනම් ඔන්න මම ගියා...

(Zippyshare ඇප් එක Download කරගන්න පහත විස්තරය කියවන්න)

"මම උඩ කොටසෙත් කිවුවනෙ මම මේ zippyshare ඇප් එක ඔයාලාට Download කරගන්න දෙන්නෙ  image එකක් ඇතුලේ file සැගවීම කියන ක්‍රමය මගින් කියලා ඒ නිසා zippyshare app එක Download කරගන්න නම් මුලින්ම පහලම තියෙන "Download this image" කියන image එක  උඩ ක්ලික් කරන්න (මේ image එක අනිවාරෙන්ම ක්ලික් කරන්න ඔන නැත්නම් නිකම්ම පහල image එක Download කලොත් ලැබෙන image එක නිකම්ම image එකක් විතරයි) හරි දැන් image එක ක්ලික් කලානෙ. එහෙම ක්ලික් කලාට පස්සෙ ලැබෙන පිටුවෙ තියෙන් Download this image කියන image එක විතරනෙ දැන් අන්න ඒ පිටුවෙ තියෙන image එක තමයි zippyshare app එක සහිත image එක ඒ නිසා ඒ image එක Download කරගන්න ඊට පස්සේ Win rar software එක හරි rar app එක හරි භාවිතා කරලා ඒ image එක extract කරලා image එක ඇතුලේ තියෙන  zippyshare app එක එලියට අරන් install කරගන්න." Download කරන විදිහ තේරැනේ නැත්නම් අහන්න

Monday, October 3, 2016

"TubeMate" YouTube වීඩියෝ Download කිරීමට ඇති හොඳම ක්‍රමය

YouTube යනු, අද වන විට, ලොව වීඩියෝ ආශ්‍රිත වෙබ් අඩවි අතරින් ප්‍රධාන ස්ථානය හිමි කරගත් වෙබ් අඩවියකි. අද වන විට බොහොමයක් පිරිස smartphone , පරිගණක වැනි උපාංග  භාවිතා කරමින් මෙම YouTube වෙබ් අඩවිය තුළින් විවිධ වර්ගයේ වීඩියෝ නැරඹීම සිදුකරයි. ඒ අතරිනුත් වැඩි පිරිසක් smartphone භාවිතා කොට YouTube වෙත පිවිසෙන පිරිසයි. ඔබ එළෙස YouTube වෙතින් නරඹන වීඩියෝ අතරින් ඔබ වඩාත් කැමති වීඩියෝවක් YouTube හරහා කැමති වාර ගණනක් නැවත නැවත නැරඹීම කළහැකි වුවත් එය ආර්ථික අතින් නම් එතරම්ම වාසිදායක වන්නේ නැත. ඊට හේතුව වන්නේ YouTube මගින් වීඩියෝ නැරඹීමේඳි අධික ලෙස "ඩේටා" වැය වීමයි. මේ හේතුන් මත අපට මෙම වීඩියෝ බාගතකිරීමේ (Download)  අවශ්‍යතාව මතුවේ. මේ සඳහා අපට අවශ්‍ය වීඩියෝ බාගතකිරීමට සහය වන ඇන්ඩ්‍රෝයිඩ් යෙදුම් (apps), Android Market එසේත් නැතිනම් play store තුළ බොහොමයක් තිබුනද එම යෙදුම් අතරින් බොහොමයක් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ නොහැකි YouTube සඳහා සහය නොදක්වන යෙදුම් වේ. ඇතැම් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් සහිත YouTube සඳහා සහය දක්වන යෙදුම් වුවත් එම යෙදුම් මගින් YouTube වීඩියෝ බාගතකිරීම තරමක් දුරට අසීරු ක්‍රියාවකි. මෙම අසීරුකම් වලින් තොරව පහසුවෙන්ම YouTube වීඩියෝ Download කිරීමට විශිෂ්ඨ යෙදුමක් ලෙස "TubeMate" හදුන්වාදිය හැක.

මෙම "TubeMate" යෙදුමෙහි  නවතම සංස්කරණය බාගත කරගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න. http://tubemate.net