Showing posts with label තාක්ෂණික තොරතුරු. Show all posts
Showing posts with label තාක්ෂණික තොරතුරු. Show all posts

Tuesday, March 7, 2017

Infrared radiation (අධෝරක්ත කිරණ ) ගැන දැනගමු

අදනම් මම ලියන්නෙ app එකක් ගැනවත් මමයි අපේ රන්දිකයයි හදපු මොකක් හරි ජිල්මාට් එකක් ගැන වත් නෙමෙයි ගොඩාක් කාර්ය වලට ප්‍රායෝගිකව භාවිතා කරන/භාවිතා කරන්න පුළුවන් කිරණ විශේෂයක් වන අධෝරක්ත කිරණ ඒ කියන්නේ infrared radiation. ඔයාලා දන්නවානෙ අපේ පියවි ඇහැට රතු වර්ණයට වඩා පහල සංඛ්‍යාත තියෙන කිරණ වර්ග පෙනෙන්නේ නෑ කියලා ඉතින් මේ රතු වර්ණයට වඩා පහල සංඛ්‍යාත තියෙන අපේ පියවි ඇහැට නොපෙනෙන තරංග පරාසය තමයි අපි අධෝරක්ත කිරණ විදිහට හදුන්වන්නේ. රත් වුනු වස්තු වලින් මේ අධෝරක්ත කිරණ නිකුත් වන නිසාත් මේ කිරණ අපේ ඇඟට වැටුනහම රස්නෙ ගතියක් දැනෙන නිසාත් මේ අධෝරක්ත කිරණ තාප විකිරණය විදිහටත් හඳුන්වනවා (ලු).

දැන් අපි මේ අධෝරක්ත කිරණ වල භාවිතා ගැන බලමු.
මේ අධෝරක්ත කිරණ වල භාවිතා වලට හොඳම උදාහරණය තමයි ඔයාලගෙ TV remote control එක. ඔයාලා TV remote control එක දිහා හොඳට බැලුවොත් පෙනෙයි ඒකෙ ඉස්සරහ පොඩි LED එකක් තියෙනවා ඒකට කියන්නේ IR LED කියලා (සමහර remote control වල නම් මෙක පෙනෙන්නේ නෑ) ඉතින් ඒ LED එක ඔයාගෙ ඇහැ දිහාවට හරවාගන ඔයා කැමති button එකක් ඔබලා බලන්න ඒ LED එක දැල්වෙනවා වෙනවා පෙනෙන්නේ නෑ නේද? දැන් ඔයාගෙ mobile phone එකේ කැමරාව on කරලා කලින් විදිහටම remote control එකේ කැමති button එකක් ඔබලා ඒක කැමරාව හරහා බලන්න. ඒක දැල්වෙන හැටි පේනවා නේද? හරි දැන් අධෝරක්ත කිරණ වල තවත් භාවිත ටිකක් බලමු. මේ තියෙන්නේ cctv කැමරා, සමහර සෙල්ලම් භාන්ඩ , night vision කැමරා , යුධ උපකරණ එවාගෙන් කොටසක්.

ඒ දේවල් අතරිනුත් මගේ හිත ගියේ cctv වල භාවිතය ගැන

ඉතින් මේ cctv වල අධෝරක්ත කිරණ භාවිතය හරිම අපූරු දෙයක්. ඒ කියන්නේ මම කලින් කිවුවා මතකයිනේ මේ අධෝරක්ත කිරණ අපේ ඇසට පෙනෙන්නේ නෑ කියලා ඉතින් මේ සංසිද්ධිය ගැනගොඩාක් අපූරුවට හිතපු cctv කැමරා නිර්මාණකරුවෝ මේ කැමරාව අදුරු අවස්ථා වල ක්‍රියාත්මක වෙලා තියෙනකොට කැමරාවට අවශ්‍ය ආලෝකය ලබාගන්න සාමාන්‍ය LED වෙනුවට මේ IR LED යොදාගෙන තියෙනවා. දැන් වැඩේ තේරුනානෙ එතකොට රෑට මේ කැමරා තියෙන තැනක මොකක්හරි හොර වැඩකට හොරෙක් ගියොත් හොරා එකෙන්ම මාට්ටු. මොකද හොරාට කැමරාව නොපෙනුණාට කැමරාවට හොරාව පෙනෙනවා. 😁 ඒ නිසා උඹලත් රෑට හොරකමේ යනකොට මතක ඇතුව phone ඓකේ කැමරාව on කරගෙන පලයල්ලා.... 😂😂😂 පොඩි විහිලුවක් ඈ ගනන් ගන්න එපා.

ඉතින් එහෙනම් මම ගියා මේ ලිපියේ තව කොටසක් ලබන පාර දාන්නම් (පොඩි remote control කෑල්ලක් එහෙම හදන හැටි)

Friday, August 5, 2016

mobile phone එක වතුරට වැටුණොත්...

ඔයාගෙ mobile phone එක වැරදිලාවත් වතුරට වැටුණොත් ඔයා මොකක්ද කරන්නේ කියලා මම ඇහුවොත්, ඔයාලා කියයි phone එක වතුරෙන් ගොඩට අරගෙන පිහදානව එහෙමත් නැත්තම් ඒක ON කරන්න බලනවා කියලා. ඔවු, ඇත්තටම ගොඩක් දෙනෙක් කරන්නේ එහෙම තමයි. ඒත් phone එක වතුරට වැටුණොත් කරන්න ඔන ඒක පිහදාන එකවත් ඒක ON කරන්න බලන එකවත් නෙවෙයි. ඉක්මනින්ම phone එකේ බැටරිය , සිම් පත හා මෙමරි කාඩ් එක ගලවන්න ඕන ඊට පස්සෙ පුළුවන්නම් phone එක ගලවලා වතුර හොඳින් උරාගන්න කපු වගේ රෙදි වර්ගයකින් රෙදි කෑල්ලක් අරගෙන ඒක එක මත එක හිටින්න නවලා phone එකේ පරිපථයේ වතුර රැඳි තියන තැන්වලට තියලා පරිපථයට හානියක් වෙන්නෙ නැති විදිහට ටිකක් වෙලා හෙමින් තදකරගෙන ඉන්න. පරිපථයේ රැදී තිබුණ වතුර සැලකියයුතු තරමක් ඒ විදිහට ඉවත් කරගත්තාට පස්සෙ තවදුරටත් රැදී තියන වතුර ඉවත් වෙන්න ඕන නිසා හාල් භාජනයක් අරගෙන phone එක සම්පුර්ණයෙන්ම හාල් වලින් වහන්න.
ඒ විදිහට සතියක් විතර තියලා ආපහු phone එක හයිකරලා ON කරලා බලන්න. එතකොට වතුරට වැටුණු වෙලාවෙ phone එකට බරපතළ හානියක් වෙලා නැත්නම් ON වේවි. ඒත් ON වුනේ නැත්නම් දුරකථන අළුත්වැඩියාව සඳහා යොමුකිරීම වැදගත්. තව දෙයක් මම කළින් කිව්ව පියවර ටික නොකළත් phone එක වතුරට වැටුණු ගමන්ම බැටරිය,සිම් එක ,මෙමරි කාඩ් එක වගේ දේවල් ගලවන්න අමතක කරන්න එපා. ඒ වගේම phone එක ලුණු වතුරට (මුහුදු වතුරට) වැටුණොත් බැටරිය වගේ දේවල් ගලවලා පුළුවන් ඉක්මනින් අළුත්වැඩියාවට යොමුකිරීම ඉතා වැදගත්.

" විදු නැණ පියස" අපේ facebook පේජ් එකට Like කරලා ඔයාලාගෙ අදහස් යෝජනා ඉදිරිපත් කරලා අපිට සහය දක්වන්නත් අමතක කරන්න එපා.

Thursday, June 23, 2016

facebook එකට පාට පාට කමෙන්ට් පොස්ට් දාමුද?

අද මම ගෙනාවා ‍ෆේස් බුක් එකේ පාට පාට Massage,Comment,Post දාන විදිහ. මේක ගොඩක් දෙනෙක් ‍දන්න දෙයක්. ඒත් ඉතින් මේ ගැන දන්නෙ නැති අයත් ඉන්නවනෙ, ඒ අයට මේ ගැන තේරුම් කර දෙන්න තමයි මම මේ Post එක දාන්න හිතුවෙ. දැන් ඉතින් වැඩේ පටන් ගනිමු.

මේක කරන්නෙ පහල තියෙන කෝඩ් වලින්. එහෙනම් පහල කියලා දීලා තියන විදිහ බලාගෙන ඓ් විදිහට කරන්නකො

<+fg=b0ffd700>  golden
 <+fg=b0000000>  black
<+fg=b0ff7f00>  orange
<+fg=b0ffff00>  yellow
<+fg=b0ff00ff>  light pink
<+fg=b0ff007f>  dark pink
<+fg=b0ff0000>  redish pink
<+fg=b0800000>  brown
<+fg=b0ffc0cb>  light purple
<+fg=b06f00ff> dark blue
<+fg=b0c0c0c0>  grey
<+fg=80ffffff>  sky blue
<+fg=b000ffff>  light blue
<+fg=b0bf00ff>  purple
<+fg=b08f00ff> dark purple
<+fg=b0808000> mehandi green
<+fg=b0ba55d3> light purple
<+fg=b0f000f0>  majenta
<+fg=b00000ff>  blue
<+fg=b0b08080>  steel grey
<+fg=b0000080> movve
<+fg=b0964b00> light brown
<+fg=f0f00f0f>  red
<+fg=b000ff00>  green      

හරි දැන් ඔය උඩ තියෙන කෝඩ් වල + ලකුණ ඉවත් කරගන්න.

ඊට පස්සෙ ඔයාට ඔන කරන Massage එක,Comment එක හෝ Post එක ටයිප් කරලා Ok කරන්න. මෙය තවදුරටත් පහැදිලි වීම සඳහා පහත රූපය බලන්න.

fg කියලා ගැහුවම font color එකත්, bg කියලා ගැහුවම background color එකත් වෙනස් කරගන්නත් පුලුවන්.

කෝඩ් වල අවුලක් තියෙනවානම් මට අනිවාර්යයෙන්ම කියන්න.

Friday, June 3, 2016

mobile phone බැටරියකින් රතිඤ්ඤා පුපුරවමු

අද මම කියලා දෙන්න හදන්නේ අලුත් විදිහකට රතිඤ්ඤා දල්වන  විදිහක් හරිම ලේසියි. මුලින්ම රතිඤ්ඤා කරල අරගෙන ඒක ගැටගහල තියන නූල ගලවන්න ඹ්න ,ඊට පස්සෙ රතිඤ්ඤා කරලෙහි දල්වන නූලත් ඉවත්කරන්න, ඊට පස්සෙ  සූත්‍රිකාව තියන 6v ටෝච් බල්බයක් අරගෙන සූත්‍රිකාවට හානියක් නොවන විදිහට පිටත වීදුරු ආවරණය ඉවත්කරගන්න(මිටියකික් හෙමිහිට ගහන්න) දැන් එම ටෝච් බල්බයේ විදුලි සැපයුම් අග්‍ර දෙකට වයර් කැබලි දෙකක් පාස්සගන්න දැන් අර සකස් කරගත් ටෝච් බල්බය රතිඤ්ඤා කරලෙහි ඉහළ සිදුර තරමක් විශාල කරගෙන සුත්‍රිකාවට හානියක් නොවන පරිදි, පාස්සාගත් වයර් කැබලි දෙක පිටතට සිටින පරිදි රතිඤ්ඤා කරල තුලට දමන්න (බල්බයේ සූත්‍රිකාව රතිඤ්ඤා කරල තුළ ඇති වෙඩි බෙහෙත් වල හොඳින් ස්පර්ශ විය යුතුය) ඉන් පසුව රතිඤ්ඤා කරල පෙර තිබූ පරිදිම කුඩා කම්බි කැබැල්ලකින් ගැටගසාගන්න(නූලකින් ගැට ගසන්න එපා. නූල ඉක්මනින් ගැලවෙන නිසා පුපුරා යන්නෙ නෑ) දැන් අර පිටතට ගත් වයර් කැබලි දෙකට තරමක් දිග වයර් කැබලි ‍දෙකේ අමුනා රතිඤ්ඤා කරල මදක් දුරින් තබා වයර් කැබලි දෙකට mobile phone බැටරියකින් විදුලිය සපයන්න එවිට රතිඤ්ඤා කරල පුපුරායාවි.

(මේක මම ගොඩක් වාරයක් ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා 100% ෂුවර් වැඩ.)

මේකට mobile phone එකක් සම්බන්ධ කරලා කිලෝමීටර් ගාණක් දුර ඉදලා වුනත් පුපුරවන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තවත් පෝස්ට් එකකින් කියල දෙන්නම්කො.

  ගැටලු තියෙනවානම් facebook එකේන් message කරන්න.