Saturday, May 20, 2017

වෙබ් පිටුවක් pdf කරමු.. web page to pdf

ආපහු සැරයක් මම ඔයාලාට වැදගත් වෙයි කියලා හිතුනු දෙයක් අරගෙනආවා. ඒ තමයි web page එකක් එහෙමත් නැත්නම් HTML , Java වගේ කේතකරණ භාෂාවක් මගින් නිර්මාණය කරපු ඡායාරූප වගේ දේවල් අඩංගු වෙබ් පිටුවක් pdf (Portable Document Format) එකක් විදියට හදාගන්න විදිහ. මේක කරන්න පුළුවන් මෘදුකාංග පරිගණකය සඳහාත් තිබුණත් මම අද කතාකරන්නේ ඇන්ඩෝයිඩ් උපාංග සදහා ඇති ඇප් එකක් ගැන මොකද අපේ අතේ හැම වෙලාවෙම පරිගණකයට වඩා ති⁣යෙන්නේ ජංගම දුරකථනය නිසා.   අපි හිතමුකෝ google පැත්තෙ රවුමක් දෙකක් ගහද්දී ඔයාලාට වැදගත් වෙබ් පේජ් එකක් හම්බ වෙලා ඒක අපට save කරගන්න ඕන වුනා කියමුකෝ. එතකොට අපි ලග මේ app එක අපි ලඟ තිබුනොත් අපිට ගොඩක් වැදගත් වෙන⁣වා. හැබැයි මේ ඇප් එක නැතත් අපට ඒ අපිට අවශ්‍යය වෙබ් පිටුව අපේ උපාංග ඇතුලේම offline web page එකක් විදියට තියාගන්න පුළුවන්. ඒ කිවුවේ ⁣අපට අවශ්‍යය වෙබ් පිටුව html පිටුවක් ම විදියටත් ඒ පිටුවට අදාල photos එහෙම, තවත් folder එකක් ඇතුලේත් save වෙනවා. එතකොට ඉතින් වැඩේ හරි.. හැබැයි ඉතින් ඒ විදියට save කරගත්තු web page එක තව මොකෙක්ට හරි දෙන්න ගියාම තමයි වැඩේ තියෙන්නේ ඒ කියන්නේ ඉතින් අර කලින් save කරලා ති⁣යෙන files කන්දක් විතර තෝරලා තෝරලා මාර ගේමක් දීලා අපි ඕන file එක තෝරලා තමයි ඒ වැඩේ කරගන්න වෙන්නේ.. ඉතින් ඒ හැම කරදරයකටම විසඳුම තමයි අර මම කලිනුත් කිව්ව මේ " web to pdf " කියන ap එක
මේක කරන්නේ මෙහෙමයි මුලින් ම, ඔයාට අවශ්‍ය වෙබ් පිටුවේ URL එක copy කරගෙන මේ ඇප් එකට ඇවිල්ලා ඒක ඇතුලේ තියෙන input URL here to convert කියන තැනට past කරලා Convert Button එක ඔබන්න එතකොට ඒ වෙබ් පිටුව ටික වෙලාවකින් pdf එකක් වෙලා එයි.

මෙන්න විශේෂ ම කාරනේ, මේ වගේ web to pdf aps ගොඩක් play එකේ තියෙනවා. හැබැයි ඒ ඇප් සිංහල වලට සහය දක්වන්නේ නෑ. සිංහල අකුරු වදින්නෙ කෙටෙු කොටු වගේ (◻️◻️◻️◻️) හැබැයි මේ ඇප් එකේ එහෙම අවුලක් නෑ.

මෙන්න play store URL එක මෙතන ක්ලික් කරලා play එකෙන් බාගන්න

පහල ති⁣යෙන පින්තූර ටිකත් බලන්න

PDF එකක් ඡායාරූපයක් කරමු ( pdf to jpg )

ඔයාලා දන්නවානෙ මම ඔයාලාට කියලා දෙන්නේ මගේ සාමාන්‍ය ජිවිතයේදී මට එන ප්‍රශ්න ගැටලු වලට විසඳුම් හොයන්න මම කරන ක්‍රියාන්විත වලදී මම ඉගෙනගන්න දේවල් කියලා. අද ඒ විදියට මම කියලා දෙන්න යන්නේ  pdf එකක් images එකක් එහෙමත් නැත්තම් ඡායාරූපයක් කරන්නේ කොහොමද කියලා. මේක ඔයාලාට දැන් වැදගත් නොවුනත් කවදාහරි මේක වැදගත් වෙයි..

මගේ මේ ධර්ම දේශනයේ නිධාන කතාව කියනවානම් පිංවතුනි..
මම මේ දවස් වල 11 වසරේ ඉන්න ict විෂය කරන පොරවල් ටිකට ඇන්ඩ්‍රෝයිඩ් උපාංග වලින් බලන්න පුළුවන් විදියට නව නිර්දේශ ප්‍රශ්න පත්‍ර app එකක් හදනවා. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රශ්න පත්‍රය තිබුණේ pdf එකක් විදියට ඇප් එක ඇතුලේ pdf එකක් දානවට වැඩිය images ටිකක් දාලා ඒ images වලට ගැලපෙන html පිටුවක් දාලා හදන එක ලේසියි. ඉතින් මම අර pdf එක images ටිකක් කරන්න මුලින්ම ගත්තා software එකක් හැබැයි ඒ software එකෙන් මේ pdf එක images කරන්න පැයක් විතර යනවා. ඉතින් මෙච්චර වෙලා කාලෙ කකා ඉන්නවට වැඩිය , මම වෙන හොඳ ක්‍රමයක් හොයන්න google දෙයියො ලඟට ගිහින් ඇහුවම google දෙයියො , මට මේ වැඩේ කරගන්න පුළුවන් web site ගොඩක් හොයා දුන්නා. හැබැයි ඉතින් අර ලාබ බඩුවේ හිලක් ඇති වගේ free site වල මේ වැඩේට ගොඩාක් වෙලා යනවා. ඉතින් මම කොහොම හරි free දෙන ඉක්මනින්ම වැඩෙත් කරලා දෙන pdf convert site එකක් හොයාගත්තා.
😇

ඉතින් මම මේ බොහෝම අමාරුවෙන් හොයාගත්ත මේ online pdf convert web site එක ඔයාලාත් දැනගන්න මම
පහලින් දාන්නම් මේ convert කිරිමට හරිම ලේසියි

මේ Site එකේ තව ගොඩාක් වැඩ කරගන්න පුළුවන් ඒකට මේ site එකේ මෙනුවෙන් අවශ්‍ය කාර්ය තෝරාගන්න

මෙන්න Home page URL එක :-
# https://smallpdf.com

මෙන්න pdf එකක් jpg කරන කොටසට අයිති URL එක :-
# https://smallpdf.com/pdf-to-jpg

Tuesday, April 25, 2017

සුප්‍රසිද්ධ Winrar දැන් Android වලටත්

මේ අවුරුද්දට පස්සේ මම ලියන පළවෙනි ලිපිය. දැන්මම ලිපියක් දාන්න කල් වැඩියි කියලා හිතුණත් මේක දාන එක ඔයාලාට ගොඩාක් වැදගත් වෙයි කියලා මට හිතුනා. ඔයාලා දන්නවානෙ Winrar software එක. මෙක ඉතින් අපේ කොල්ලන්ගෙ computer වලින් 99.9% ක ම තියෙන software එකක් මේකෙන් අපිට එක එක වාසි ගොඩක් තියෙනවා⁣ (ඕවා ගැන ආය ආය කියලා වැඩක් නැ දන්න එවුන් දන්නවා ) ඉතින් කොච්චර සුපිරි software වුනත් මේක නොමිලේ දෙන software එකක් නෙවෙයිනේ. හැබැයි ලංකාවේ ඉන්න බඩු කෑලි මේක කොහොම හරි crack කරලා පාවිච්චි කරනවා. හැබැයි මේ android ඇප් එකනම් එහෙම මැරීගෙන දගලන්න ඕන නෑ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ තමයි දෙන්නෙ මේකෙ නම RAR

මෙතනින් ගිහින් මේ සුපිරි ඇප් එක play store එකෙන් Download කරගන්න.

පහල image එකේ මේකෙ තොරතුරු සැකවින් ඉදිරිපත් කරලා තියෙනවා  (;-)
😁

වැඩිය ලියන්න මට බෑ කම්මැලියි මෙහෙම නිකන් ඉන්න වෙලාවක් ආය ලබන ආත්මෙවත් ලැබෙන එකක් නෑ. ඒ නිසා මම අදට මේ ලිපිය මෙතනින් නවත්වනවා.. එහෙනම් මම ගියා..

Monday, April 10, 2017

සුභ අලුත් අවුරුද්දක් වේවා...!

ඔන්න ඉතින් අවුරුදු මාසෙත් ආවානෙ. මේ ලබන්නාවු අලුත් අවුරුද්ද ඔයාලගෙ හිතේ තියෙන ප්‍රාර්ථනා හැම දෙයක්ම ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

අපිත් එක්කම මෙච්චර කාලයක් එකට රැදී සිටිය සැම දෙනාම මේ අවුරුද්දෙත් අපිත් එක්කම රැදී ඉඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා

ඔබ සියළු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

මම
නුවන් කීර්තිසිංහ
nuwan keerthisinghe

mp3 එකකට photo දාමු

දැන් මම දාන්න යන්නේ තවත් පට්ට ඇප් කෑල්ලක්. ඒ තමයි itag app එක මේකෙන් ඔයාලාට ඕන mp3 එකක කවරයට ගැලපෙන photo එකක් දාගන්න පුළුවන්. ඒත් එක්කම ඒ mp3 එකේ අනෙක් විස්තර ඒ කියන්නේ සින්දුවේ නම,කියන කෙනගෛ නම වගේ දේවලුත් අපට ⁣වෙනස් කරගන්න පුළුවන්.

මෙතන ක්ලික් කරලා itag app එක Download කරගන්න

අර Sinhala Photo Editor එකට හරියන font ටික දාලා මම post එකක් ලිවුවා ඒත් ඒක පොඩි අත්වැරැදීමකින් මැකුනා ආපහු ඒක ලියන්න ටිකක් කල් යයි.

Photos උඩ සිංහල ටයිප් කරමු

මේ මම අද කියන් යන්නෙ දැනමත් ලංකාවේ ලක්ෂ ගණනක් භාවිතා කරන Sinhala Photo Editor ඇප් එක ගැන හැබැයි තවම සමහරු මේගැන තවම දන්නෙනෑ මේක් මම එච්චර විස්තරයක් දාන්නෙ නෑ මොකද ඇප් එක සම්පුර්ණයෙන්ම සිංහලෙන් තියෙන නිසා භාවිතා කරන විදියට ඔයාලාටම ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම මේකෙ දියුණු කරන්න යෝජනා,චෝදනා ඔන දෙයක් මේක හදපු කෙනාට යවන්න පුළුවන්. ඔයාලා මේ ඇප් එක Download කරගත්තොත් ඔයාලාට දකින්න ලැබෙයි මේ ඇප් එක ඇතුලේ තියෙන font වලට අමතරව ඔයාලා ලග තියෙන Font උනත් භාවිතා කරන්න පුළුවන් කියලා. අන්න ඓ්ක මගේ යෝජනාවක්. ඉතින් ⁣ඔයාලත් දැම්මම play එකට ගිහින් මේ වටිනා ඇප් එක බාගන්න මේක⁣ට හරියන .ttf එක්ස්ටෙන්ෂන් එක තියෙන font තොගයක් ම මම ඔයාලාට ඊලඟ පෝස්ට් එකකින් දෙන්නම්. මම දෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව ගූගල් දෙයියන්ගෙන් අහල බැලුවොත් ඔයාලාටත් හොඳ හොඳ font ගන්න පුළුවන්.

මේ ඇප් එකේ size එක 2.2MB හැබැයි මේකෙ mp3 වලට ඡායාරූප ඇතුලත් කිරීම, ඇප් backup කිරීම, video Edit කිරීම, තිරය වසා භාවිතා කළහැකි වීඩියෝ කැමරාව, ටෝච් එක, වගේ එක එක විශේෂාංග ගොඩාක් තියෙනවා. මේ ඇප් එක භාවිතා කරන ඔයාලාට go keyboard 2015 සහ Eraser කියන අමතර ඇප් දෙකත් ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

මේ Sinhala Photo Editor ඇප් එක මෙතනින් ගිහින් බාගන්න

මේ පහල තියෙන්නේ මම මේ ඇප් එකෙන් හදපු photos ටිකක්

Saturday, April 1, 2017

ඇන්ඩෝයිඩ් දුරකථනයටත් recycle bin එකක්

ඔයාට ගොඩාක් වටිනා photo එකක් video එකක් mp3 එකක් වගේ ඕනම වර්ගයක file එකක් ඔයා අතින් Delete උනොත් මොකද කරන්නේ computer එකේනම් ඉතින් recycle bin එක තියෙන නිසා ඓ්කෙන් Restore කරගන්වා ඒත් එහෙම බැරි android mobile එකේනම් ඉතින් එක්කෝ ඒ file එක ආපහු Download කරගන්නවා ඓහෙමත් නැත්නම් ඉතින් ගිය දේ ගියා කියලා ගොනා වගේ ඉන්නවා. හැබැයි මාර කට්ටක් කාලා හදපු මොකක්හරි file එකක් Delete වුනොත් ඉතින් ඇඬෙන්නෙ තනි ඇහැට(:-D) ඉතින් එහෙම චාටර් කකා ඉන්නෙ නැතිව තමුන් අතින් වැරදිලා Delete වුනු ඔනම format එකක file එකක් (mp4,mp3,jpg,png,gif,mvw.....) ආපහු අපිට ලබාගන්න පුළුවන් විදියට හදපු ඇප් එකක් තමයි මේ Dumpster කියන්නේ. මේවගේ තව ගොඩක් ඇප් google play එකේ තිබුණත් ඒවට වඩා මේක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

මේ Dumpster ඇප් එක මෙතන ක්ලික් කරලා Google Play එකට ගිහින් බාගන්න.

දැන් මෙහෙම දාපු ගමන් මට බනින්න එපා මූ මෙච්චර බයිලා ගැහුවෙ මේක Play Store එකෙන් Download කරගන්න කියලා කියන්නද කියලා. මෙහෙමයි මේ පෝස්ට් එක මම දැම්මේ ඔයාලා මේ ගැන දැනුවත් කරන්න. නැතුව මේ blog එක ඇතුලේම මේ Download දුන්නා කියලා කිසි තේරුමක් නෑ. අනික play එකෙන් Download කරගත්තාම ඔයාලාට දැනට තියෙන අලුත්ම update එකම ගන්න පුළුවන්. එහෙනම් මම ගියා. ඔයාලාට වෙන මොනවා හරි app,software වගේ දෙයක් ගැන දැනගන්න / Download කරගන්න ඕනම් පහලින් Comment කරන්න මම ඒගැන දන්නවානම් අනිවාර්යයෙන්ම කියලා දෙනවා.