Friday, August 5, 2016

mobile phone එක වතුරට වැටුණොත්...

ඔයාගෙ mobile phone එක වැරදිලාවත් වතුරට වැටුණොත් ඔයා මොකක්ද කරන්නේ කියලා මම ඇහුවොත්, ඔයාලා කියයි phone එක වතුරෙන් ගොඩට අරගෙන පිහදානව එහෙමත් නැත්තම් ඒක ON කරන්න බලනවා කියලා. ඔවු, ඇත්තටම ගොඩක් දෙනෙක් කරන්නේ එහෙම තමයි. ඒත් phone එක වතුරට වැටුණොත් කරන්න ඔන ඒක පිහදාන එකවත් ඒක ON කරන්න බලන එකවත් නෙවෙයි. ඉක්මනින්ම phone එකේ බැටරිය , සිම් පත හා මෙමරි කාඩ් එක ගලවන්න ඕන ඊට පස්සෙ පුළුවන්නම් phone එක ගලවලා වතුර හොඳින් උරාගන්න කපු වගේ රෙදි වර්ගයකින් රෙදි කෑල්ලක් අරගෙන ඒක එක මත එක හිටින්න නවලා phone එකේ පරිපථයේ වතුර රැඳි තියන තැන්වලට තියලා පරිපථයට හානියක් වෙන්නෙ නැති විදිහට ටිකක් වෙලා හෙමින් තදකරගෙන ඉන්න. පරිපථයේ රැදී තිබුණ වතුර සැලකියයුතු තරමක් ඒ විදිහට ඉවත් කරගත්තාට පස්සෙ තවදුරටත් රැදී තියන වතුර ඉවත් වෙන්න ඕන නිසා හාල් භාජනයක් අරගෙන phone එක සම්පුර්ණයෙන්ම හාල් වලින් වහන්න.
ඒ විදිහට සතියක් විතර තියලා ආපහු phone එක හයිකරලා ON කරලා බලන්න. එතකොට වතුරට වැටුණු වෙලාවෙ phone එකට බරපතළ හානියක් වෙලා නැත්නම් ON වේවි. ඒත් ON වුනේ නැත්නම් දුරකථන අළුත්වැඩියාව සඳහා යොමුකිරීම වැදගත්. තව දෙයක් මම කළින් කිව්ව පියවර ටික නොකළත් phone එක වතුරට වැටුණු ගමන්ම බැටරිය,සිම් එක ,මෙමරි කාඩ් එක වගේ දේවල් ගලවන්න අමතක කරන්න එපා. ඒ වගේම phone එක ලුණු වතුරට (මුහුදු වතුරට) වැටුණොත් බැටරිය වගේ දේවල් ගලවලා පුළුවන් ඉක්මනින් අළුත්වැඩියාවට යොමුකිරීම ඉතා වැදගත්.

" විදු නැණ පියස" අපේ facebook පේජ් එකට Like කරලා ඔයාලාගෙ අදහස් යෝජනා ඉදිරිපත් කරලා අපිට සහය දක්වන්නත් අමතක කරන්න එපා.