Friday, November 11, 2016

"විදු නැණ පියස" අපේ mini android app එක

ඔන්න ඉතින් මම ගොඩක් කල් ඉඳලා හිතාගෙන හිටපු දෙයක් තමයි අපේ බ්ලොග් අඩවියටත් android app එකක් හදන එක. මොකද දැන් ඉතින් බ්ලොග් එකක් තියෙන හැමෝම තමන්ගේ  බ්ලොග් අඩවියට එන අයගෙ පහසුව සදහා blog apps හදනවානෙ. හැබැයි අපේ ඇප් එක අනිත් blog apps වලට වඩා විශෙශ්ෂයි. ඒ මොකද වෙනත් blog apps අඩුම තරමේ 2MB තරමේවත් ඉඩකඩක් භාවිතා කළත්, අපේ මේ ඇප් එකේ ප්‍රමාණය නම් 231KB තරමේ ඉතා කුඩා එකක්. ඉතින් ඔයාලා දන්නවානේ 231KB කියන්නෙ සාමාන්‍යයෙන්, හොඳ තත්වයේ ඡායාරූපයක් දුරකථනයේ ගබඩා කිරීමේදී වැයවන ඉඩ ප්‍රමාණයට සමාන ඉඩ ප්‍රමාණයක් කියලා. එ් නිසාම ඔබේ දුරකථනයේ ඉඩකඩ අඩු දුරකථනයක් වුවත් ඔබේ අනෙකුත් ක්‍රියාකාරකම් වලට මෙය බාධාවක් නෙවේවි

ඇප් එක Download කරගැනීමට පහත "Download" මත ක්ලික් කරන්න

>>>>>>>>>>> Download <<<<<<<<<<<

Friday, October 28, 2016

Online file sharing අන්තර්ජාලය හරහා ලිපිගොනු බෙදාගැනීම

අදත් ඔන්න මම පොඩි වැඩ කෑල්ලක් අරගෙනයි ආවෙ ඒ තමයි online file sharing ඒ කියන්න අන්තර්ජාලය හරහා අපේ ලඟ තියෙන apps,videos,photos,mp3 වගේ දේවල් තවත් කෙනෙකුට බෙදාදීම (Download කිරීමට ලබාදීම) අද කාලෙ මේ වගේ දේවල් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වුනත් තවමත් මේවා ගැන වැඩි දැනුමක් නැති අය ඉන්නවා. ඒ අයටත් මේ වගේ දේවල් ඉගෙනගන්න අවස්ථාව ලබාදෙන එක  තමයි අපේ වගකීම. ඔන්න එහෙනම් කතාව නවත්වලා වැඩේට බහිමු. මේ online file sharing කියන සේවාව අපට ලබාදෙන ගොඩක් වෙබ් අඩවි තිබුණත් අද මම කතා කරන්නෙ Zippyshare කියන වෙබ් අඩවියෙන් ලබාදෙන file sharing ස්වය ගැන. (මම මේ zippyshare ගැනම කතා කරන්නේ මේ වෙබ් අඩවිය භාවිතා කරන එක ගොඩක් ලේසියි. ඒ වගේම මේ සේවාව අපට ලැබෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ) ඉස්සෙල්ලාම ඔයාලා මේ zippyshare වෙබ් අඩවියට මෙතනින් යන්න. මේ අඩවිය පාවිච්චි කරන්න කලින් ඔයාලා මේ වෙබ් අඩවියෙහි ලියාපදිංචි වෙන්න ඕන. ඒකට මේ වෙබ් අඩවියට පිවිසුණාම උඩම තියෙන (New) Sign Up! කියන කොටස ක්ලික් කරලා එන පෝමර්  එකට Username:  Password: එහෙම දීලා ලියාපදිංචි වෙන්න. පහල තියෙන රූප දෙක බැලුවාම ඔයාලාට මේක පැහැදිලි වෙයි.
ලියාපදිංචි වෙලා ඉවරයි නම් දැන් අපේ files මේ අඩවියට upload කරන හැටි බලමු ඒ සදහා ඔයාලා කලින් හදාගත්තු zippyshare එකවුන්ට් එකේ Username:  Password: වෙබ් පිටුවේ උඩ තියෙන Login කියන තැනට ඇතුළත් කරලා Login වෙන්න. ඊට පස්සේ එන පිටුවේ තියෙන "Old HTML Upload" කියලා තියෙන තිරුවේ දකුණු පැත්තෙන් තියෙන "BROWSE" කියන තැන ක්ලික් කරලා ඔයාලාට ඕන කරන file එක තෝරලා "START UPLOAD" කියන එක ක්ලික් කරලා upload කරන්න. (1 රූපය) ඒ file එක upload වෙලා ඉවර වුනාම වෙනත් වෙබ් පිටුවක් එයි ඒ පිටුවේ තියෙන web link එක copy කරගන්න. ඊට පස්සේ ඒ web link එක ඔයාලාට ඕන කරන කෙනෙකුට යවන්න. එතකොට එ් කෙනාට ඒ web link එක Web Browser එකේ ධාවනය කරලා ලැබෙන වෙබ් පිටුවේ තියෙන
"DOWNLOAD NOW" කියන තැන ක්ලික් කරලා ඔයා upload කරපු file එක Download කරගන්න පුළුවන්. (2 රූපය)

ඔයාලාට ඕන files upload කරන්න නිතරම මේ zippyshare වෙබ් අඩවියට යන එන එක අමාරු නිසා ඒක පහසු කරන්න මම පොඩි ඇප් කෑල්ලක් හැදුවා ඕන අය ඒකත් පහල තියෙන "Download this image" කියන image එක ක්ලික් කරලා ඒකත් Download කර ගන්නකෝ. ඒ image එක ඇතුලේ සඟවලා තියෙන app එක එලියට ගන්න විදිහ පහල දාලා තියනවා.

තව දෙයක් මේ උඩ දාලා තියෙන zippyshare site එක ගොඩක්ම වැදගත් වෙන්න බ්ලොග් එකක් තියෙන කෙනෙකුට මොකද බ්ලොග් එකක් හරහා මොකක්හරි file එකක් Download කරන්න දෙන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්නේ. එහෙනම් ඔන්න මම ගියා...

(Zippyshare ඇප් එක Download කරගන්න පහත විස්තරය කියවන්න)

"මම උඩ කොටසෙත් කිවුවනෙ මම මේ zippyshare ඇප් එක ඔයාලාට Download කරගන්න දෙන්නෙ  image එකක් ඇතුලේ file සැගවීම කියන ක්‍රමය මගින් කියලා ඒ නිසා zippyshare app එක Download කරගන්න නම් මුලින්ම පහලම තියෙන "Download this image" කියන image එක  උඩ ක්ලික් කරන්න (මේ image එක අනිවාරෙන්ම ක්ලික් කරන්න ඔන නැත්නම් නිකම්ම පහල image එක Download කලොත් ලැබෙන image එක නිකම්ම image එකක් විතරයි) හරි දැන් image එක ක්ලික් කලානෙ. එහෙම ක්ලික් කලාට පස්සෙ ලැබෙන පිටුවෙ තියෙන් Download this image කියන image එක විතරනෙ දැන් අන්න ඒ පිටුවෙ තියෙන image එක තමයි zippyshare app එක සහිත image එක ඒ නිසා ඒ image එක Download කරගන්න ඊට පස්සේ Win rar software එක හරි rar app එක හරි භාවිතා කරලා ඒ image එක extract කරලා image එක ඇතුලේ තියෙන  zippyshare app එක එලියට අරන් install කරගන්න." Download කරන විදිහ තේරැනේ නැත්නම් අහන්න

Monday, October 3, 2016

"TubeMate" YouTube වීඩියෝ Download කිරීමට ඇති හොඳම ක්‍රමය

YouTube යනු, අද වන විට, ලොව වීඩියෝ ආශ්‍රිත වෙබ් අඩවි අතරින් ප්‍රධාන ස්ථානය හිමි කරගත් වෙබ් අඩවියකි. අද වන විට බොහොමයක් පිරිස smartphone , පරිගණක වැනි උපාංග  භාවිතා කරමින් මෙම YouTube වෙබ් අඩවිය තුළින් විවිධ වර්ගයේ වීඩියෝ නැරඹීම සිදුකරයි. ඒ අතරිනුත් වැඩි පිරිසක් smartphone භාවිතා කොට YouTube වෙත පිවිසෙන පිරිසයි. ඔබ එළෙස YouTube වෙතින් නරඹන වීඩියෝ අතරින් ඔබ වඩාත් කැමති වීඩියෝවක් YouTube හරහා කැමති වාර ගණනක් නැවත නැවත නැරඹීම කළහැකි වුවත් එය ආර්ථික අතින් නම් එතරම්ම වාසිදායක වන්නේ නැත. ඊට හේතුව වන්නේ YouTube මගින් වීඩියෝ නැරඹීමේඳි අධික ලෙස "ඩේටා" වැය වීමයි. මේ හේතුන් මත අපට මෙම වීඩියෝ බාගතකිරීමේ (Download)  අවශ්‍යතාව මතුවේ. මේ සඳහා අපට අවශ්‍ය වීඩියෝ බාගතකිරීමට සහය වන ඇන්ඩ්‍රෝයිඩ් යෙදුම් (apps), Android Market එසේත් නැතිනම් play store තුළ බොහොමයක් තිබුනද එම යෙදුම් අතරින් බොහොමයක් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ නොහැකි YouTube සඳහා සහය නොදක්වන යෙදුම් වේ. ඇතැම් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් සහිත YouTube සඳහා සහය දක්වන යෙදුම් වුවත් එම යෙදුම් මගින් YouTube වීඩියෝ බාගතකිරීම තරමක් දුරට අසීරු ක්‍රියාවකි. මෙම අසීරුකම් වලින් තොරව පහසුවෙන්ම YouTube වීඩියෝ Download කිරීමට විශිෂ්ඨ යෙදුමක් ලෙස "TubeMate" හදුන්වාදිය හැක.

මෙම "TubeMate" යෙදුමෙහි  නවතම සංස්කරණය බාගත කරගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න. http://tubemate.net

Friday, August 5, 2016

mobile phone එක වතුරට වැටුණොත්...

ඔයාගෙ mobile phone එක වැරදිලාවත් වතුරට වැටුණොත් ඔයා මොකක්ද කරන්නේ කියලා මම ඇහුවොත්, ඔයාලා කියයි phone එක වතුරෙන් ගොඩට අරගෙන පිහදානව එහෙමත් නැත්තම් ඒක ON කරන්න බලනවා කියලා. ඔවු, ඇත්තටම ගොඩක් දෙනෙක් කරන්නේ එහෙම තමයි. ඒත් phone එක වතුරට වැටුණොත් කරන්න ඔන ඒක පිහදාන එකවත් ඒක ON කරන්න බලන එකවත් නෙවෙයි. ඉක්මනින්ම phone එකේ බැටරිය , සිම් පත හා මෙමරි කාඩ් එක ගලවන්න ඕන ඊට පස්සෙ පුළුවන්නම් phone එක ගලවලා වතුර හොඳින් උරාගන්න කපු වගේ රෙදි වර්ගයකින් රෙදි කෑල්ලක් අරගෙන ඒක එක මත එක හිටින්න නවලා phone එකේ පරිපථයේ වතුර රැඳි තියන තැන්වලට තියලා පරිපථයට හානියක් වෙන්නෙ නැති විදිහට ටිකක් වෙලා හෙමින් තදකරගෙන ඉන්න. පරිපථයේ රැදී තිබුණ වතුර සැලකියයුතු තරමක් ඒ විදිහට ඉවත් කරගත්තාට පස්සෙ තවදුරටත් රැදී තියන වතුර ඉවත් වෙන්න ඕන නිසා හාල් භාජනයක් අරගෙන phone එක සම්පුර්ණයෙන්ම හාල් වලින් වහන්න.
ඒ විදිහට සතියක් විතර තියලා ආපහු phone එක හයිකරලා ON කරලා බලන්න. එතකොට වතුරට වැටුණු වෙලාවෙ phone එකට බරපතළ හානියක් වෙලා නැත්නම් ON වේවි. ඒත් ON වුනේ නැත්නම් දුරකථන අළුත්වැඩියාව සඳහා යොමුකිරීම වැදගත්. තව දෙයක් මම කළින් කිව්ව පියවර ටික නොකළත් phone එක වතුරට වැටුණු ගමන්ම බැටරිය,සිම් එක ,මෙමරි කාඩ් එක වගේ දේවල් ගලවන්න අමතක කරන්න එපා. ඒ වගේම phone එක ලුණු වතුරට (මුහුදු වතුරට) වැටුණොත් බැටරිය වගේ දේවල් ගලවලා පුළුවන් ඉක්මනින් අළුත්වැඩියාවට යොමුකිරීම ඉතා වැදගත්.

" විදු නැණ පියස" අපේ facebook පේජ් එකට Like කරලා ඔයාලාගෙ අදහස් යෝජනා ඉදිරිපත් කරලා අපිට සහය දක්වන්නත් අමතක කරන්න එපා.

Thursday, June 23, 2016

facebook එකට පාට පාට කමෙන්ට් පොස්ට් දාමුද?

අද මම ගෙනාවා ‍ෆේස් බුක් එකේ පාට පාට Massage,Comment,Post දාන විදිහ. මේක ගොඩක් දෙනෙක් ‍දන්න දෙයක්. ඒත් ඉතින් මේ ගැන දන්නෙ නැති අයත් ඉන්නවනෙ, ඒ අයට මේ ගැන තේරුම් කර දෙන්න තමයි මම මේ Post එක දාන්න හිතුවෙ. දැන් ඉතින් වැඩේ පටන් ගනිමු.

මේක කරන්නෙ පහල තියෙන කෝඩ් වලින්. එහෙනම් පහල කියලා දීලා තියන විදිහ බලාගෙන ඓ් විදිහට කරන්නකො

<+fg=b0ffd700>  golden
 <+fg=b0000000>  black
<+fg=b0ff7f00>  orange
<+fg=b0ffff00>  yellow
<+fg=b0ff00ff>  light pink
<+fg=b0ff007f>  dark pink
<+fg=b0ff0000>  redish pink
<+fg=b0800000>  brown
<+fg=b0ffc0cb>  light purple
<+fg=b06f00ff> dark blue
<+fg=b0c0c0c0>  grey
<+fg=80ffffff>  sky blue
<+fg=b000ffff>  light blue
<+fg=b0bf00ff>  purple
<+fg=b08f00ff> dark purple
<+fg=b0808000> mehandi green
<+fg=b0ba55d3> light purple
<+fg=b0f000f0>  majenta
<+fg=b00000ff>  blue
<+fg=b0b08080>  steel grey
<+fg=b0000080> movve
<+fg=b0964b00> light brown
<+fg=f0f00f0f>  red
<+fg=b000ff00>  green      

හරි දැන් ඔය උඩ තියෙන කෝඩ් වල + ලකුණ ඉවත් කරගන්න.

ඊට පස්සෙ ඔයාට ඔන කරන Massage එක,Comment එක හෝ Post එක ටයිප් කරලා Ok කරන්න. මෙය තවදුරටත් පහැදිලි වීම සඳහා පහත රූපය බලන්න.

fg කියලා ගැහුවම font color එකත්, bg කියලා ගැහුවම background color එකත් වෙනස් කරගන්නත් පුලුවන්.

කෝඩ් වල අවුලක් තියෙනවානම් මට අනිවාර්යයෙන්ම කියන්න.

Friday, June 3, 2016

mobile phone බැටරියකින් රතිඤ්ඤා පුපුරවමු

අද මම කියලා දෙන්න හදන්නේ අලුත් විදිහකට රතිඤ්ඤා දල්වන  විදිහක් හරිම ලේසියි. මුලින්ම රතිඤ්ඤා කරල අරගෙන ඒක ගැටගහල තියන නූල ගලවන්න ඹ්න ,ඊට පස්සෙ රතිඤ්ඤා කරලෙහි දල්වන නූලත් ඉවත්කරන්න, ඊට පස්සෙ  සූත්‍රිකාව තියන 6v ටෝච් බල්බයක් අරගෙන සූත්‍රිකාවට හානියක් නොවන විදිහට පිටත වීදුරු ආවරණය ඉවත්කරගන්න(මිටියකික් හෙමිහිට ගහන්න) දැන් එම ටෝච් බල්බයේ විදුලි සැපයුම් අග්‍ර දෙකට වයර් කැබලි දෙකක් පාස්සගන්න දැන් අර සකස් කරගත් ටෝච් බල්බය රතිඤ්ඤා කරලෙහි ඉහළ සිදුර තරමක් විශාල කරගෙන සුත්‍රිකාවට හානියක් නොවන පරිදි, පාස්සාගත් වයර් කැබලි දෙක පිටතට සිටින පරිදි රතිඤ්ඤා කරල තුලට දමන්න (බල්බයේ සූත්‍රිකාව රතිඤ්ඤා කරල තුළ ඇති වෙඩි බෙහෙත් වල හොඳින් ස්පර්ශ විය යුතුය) ඉන් පසුව රතිඤ්ඤා කරල පෙර තිබූ පරිදිම කුඩා කම්බි කැබැල්ලකින් ගැටගසාගන්න(නූලකින් ගැට ගසන්න එපා. නූල ඉක්මනින් ගැලවෙන නිසා පුපුරා යන්නෙ නෑ) දැන් අර පිටතට ගත් වයර් කැබලි දෙකට තරමක් දිග වයර් කැබලි ‍දෙකේ අමුනා රතිඤ්ඤා කරල මදක් දුරින් තබා වයර් කැබලි දෙකට mobile phone බැටරියකින් විදුලිය සපයන්න එවිට රතිඤ්ඤා කරල පුපුරායාවි.

(මේක මම ගොඩක් වාරයක් ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා 100% ෂුවර් වැඩ.)

මේකට mobile phone එකක් සම්බන්ධ කරලා කිලෝමීටර් ගාණක් දුර ඉදලා වුනත් පුපුරවන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තවත් පෝස්ට් එකකින් කියල දෙන්නම්කො.

  ගැටලු තියෙනවානම් facebook එකේන් message කරන්න.