Tuesday, April 25, 2017

සුප්‍රසිද්ධ Winrar දැන් Android වලටත්

මේ අවුරුද්දට පස්සේ මම ලියන පළවෙනි ලිපිය. දැන්මම ලිපියක් දාන්න කල් වැඩියි කියලා හිතුණත් මේක දාන එක ඔයාලාට ගොඩාක් වැදගත් වෙයි කියලා මට හිතුනා. ඔයාලා දන්නවානෙ Winrar software එක. මෙක ඉතින් අපේ කොල්ලන්ගෙ computer වලින් 99.9% ක ම තියෙන software එකක් මේකෙන් අපිට එක එක වාසි ගොඩක් තියෙනවා⁣ (ඕවා ගැන ආය ආය කියලා වැඩක් නැ දන්න එවුන් දන්නවා ) ඉතින් කොච්චර සුපිරි software වුනත් මේක නොමිලේ දෙන software එකක් නෙවෙයිනේ. හැබැයි ලංකාවේ ඉන්න බඩු කෑලි මේක කොහොම හරි crack කරලා පාවිච්චි කරනවා. හැබැයි මේ android ඇප් එකනම් එහෙම මැරීගෙන දගලන්න ඕන නෑ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ තමයි දෙන්නෙ මේකෙ නම RAR

මෙතනින් ගිහින් මේ සුපිරි ඇප් එක play store එකෙන් Download කරගන්න.

පහල image එකේ මේකෙ තොරතුරු සැකවින් ඉදිරිපත් කරලා තියෙනවා  (;-)
😁

වැඩිය ලියන්න මට බෑ කම්මැලියි මෙහෙම නිකන් ඉන්න වෙලාවක් ආය ලබන ආත්මෙවත් ලැබෙන එකක් නෑ. ඒ නිසා මම අදට මේ ලිපිය මෙතනින් නවත්වනවා.. එහෙනම් මම ගියා..

Monday, April 10, 2017

සුභ අලුත් අවුරුද්දක් වේවා...!

ඔන්න ඉතින් අවුරුදු මාසෙත් ආවානෙ. මේ ලබන්නාවු අලුත් අවුරුද්ද ඔයාලගෙ හිතේ තියෙන ප්‍රාර්ථනා හැම දෙයක්ම ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

අපිත් එක්කම මෙච්චර කාලයක් එකට රැදී සිටිය සැම දෙනාම මේ අවුරුද්දෙත් අපිත් එක්කම රැදී ඉඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා

ඔබ සියළු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

මම
නුවන් කීර්තිසිංහ
nuwan keerthisinghe

mp3 එකකට photo දාමු

දැන් මම දාන්න යන්නේ තවත් පට්ට ඇප් කෑල්ලක්. ඒ තමයි itag app එක මේකෙන් ඔයාලාට ඕන mp3 එකක කවරයට ගැලපෙන photo එකක් දාගන්න පුළුවන්. ඒත් එක්කම ඒ mp3 එකේ අනෙක් විස්තර ඒ කියන්නේ සින්දුවේ නම,කියන කෙනගෛ නම වගේ දේවලුත් අපට ⁣වෙනස් කරගන්න පුළුවන්.

මෙතන ක්ලික් කරලා itag app එක Download කරගන්න

අර Sinhala Photo Editor එකට හරියන font ටික දාලා මම post එකක් ලිවුවා ඒත් ඒක පොඩි අත්වැරැදීමකින් මැකුනා ආපහු ඒක ලියන්න ටිකක් කල් යයි.

Photos උඩ සිංහල ටයිප් කරමු

මේ මම අද කියන් යන්නෙ දැනමත් ලංකාවේ ලක්ෂ ගණනක් භාවිතා කරන Sinhala Photo Editor ඇප් එක ගැන හැබැයි තවම සමහරු මේගැන තවම දන්නෙනෑ මේක් මම එච්චර විස්තරයක් දාන්නෙ නෑ මොකද ඇප් එක සම්පුර්ණයෙන්ම සිංහලෙන් තියෙන නිසා භාවිතා කරන විදියට ඔයාලාටම ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම මේකෙ දියුණු කරන්න යෝජනා,චෝදනා ඔන දෙයක් මේක හදපු කෙනාට යවන්න පුළුවන්. ඔයාලා මේ ඇප් එක Download කරගත්තොත් ඔයාලාට දකින්න ලැබෙයි මේ ඇප් එක ඇතුලේ තියෙන font වලට අමතරව ඔයාලා ලග තියෙන Font උනත් භාවිතා කරන්න පුළුවන් කියලා. අන්න ඓ්ක මගේ යෝජනාවක්. ඉතින් ⁣ඔයාලත් දැම්මම play එකට ගිහින් මේ වටිනා ඇප් එක බාගන්න මේක⁣ට හරියන .ttf එක්ස්ටෙන්ෂන් එක තියෙන font තොගයක් ම මම ඔයාලාට ඊලඟ පෝස්ට් එකකින් දෙන්නම්. මම දෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව ගූගල් දෙයියන්ගෙන් අහල බැලුවොත් ඔයාලාටත් හොඳ හොඳ font ගන්න පුළුවන්.

මේ ඇප් එකේ size එක 2.2MB හැබැයි මේකෙ mp3 වලට ඡායාරූප ඇතුලත් කිරීම, ඇප් backup කිරීම, video Edit කිරීම, තිරය වසා භාවිතා කළහැකි වීඩියෝ කැමරාව, ටෝච් එක, වගේ එක එක විශේෂාංග ගොඩාක් තියෙනවා. මේ ඇප් එක භාවිතා කරන ඔයාලාට go keyboard 2015 සහ Eraser කියන අමතර ඇප් දෙකත් ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

මේ Sinhala Photo Editor ඇප් එක මෙතනින් ගිහින් බාගන්න

මේ පහල තියෙන්නේ මම මේ ඇප් එකෙන් හදපු photos ටිකක්

Saturday, April 1, 2017

ඇන්ඩෝයිඩ් දුරකථනයටත් recycle bin එකක්

ඔයාට ගොඩාක් වටිනා photo එකක් video එකක් mp3 එකක් වගේ ඕනම වර්ගයක file එකක් ඔයා අතින් Delete උනොත් මොකද කරන්නේ computer එකේනම් ඉතින් recycle bin එක තියෙන නිසා ඓ්කෙන් Restore කරගන්වා ඒත් එහෙම බැරි android mobile එකේනම් ඉතින් එක්කෝ ඒ file එක ආපහු Download කරගන්නවා ඓහෙමත් නැත්නම් ඉතින් ගිය දේ ගියා කියලා ගොනා වගේ ඉන්නවා. හැබැයි මාර කට්ටක් කාලා හදපු මොකක්හරි file එකක් Delete වුනොත් ඉතින් ඇඬෙන්නෙ තනි ඇහැට(:-D) ඉතින් එහෙම චාටර් කකා ඉන්නෙ නැතිව තමුන් අතින් වැරදිලා Delete වුනු ඔනම format එකක file එකක් (mp4,mp3,jpg,png,gif,mvw.....) ආපහු අපිට ලබාගන්න පුළුවන් විදියට හදපු ඇප් එකක් තමයි මේ Dumpster කියන්නේ. මේවගේ තව ගොඩක් ඇප් google play එකේ තිබුණත් ඒවට වඩා මේක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

මේ Dumpster ඇප් එක මෙතන ක්ලික් කරලා Google Play එකට ගිහින් බාගන්න.

දැන් මෙහෙම දාපු ගමන් මට බනින්න එපා මූ මෙච්චර බයිලා ගැහුවෙ මේක Play Store එකෙන් Download කරගන්න කියලා කියන්නද කියලා. මෙහෙමයි මේ පෝස්ට් එක මම දැම්මේ ඔයාලා මේ ගැන දැනුවත් කරන්න. නැතුව මේ blog එක ඇතුලේම මේ Download දුන්නා කියලා කිසි තේරුමක් නෑ. අනික play එකෙන් Download කරගත්තාම ඔයාලාට දැනට තියෙන අලුත්ම update එකම ගන්න පුළුවන්. එහෙනම් මම ගියා. ඔයාලාට වෙන මොනවා හරි app,software වගේ දෙයක් ගැන දැනගන්න / Download කරගන්න ඕනම් පහලින් Comment කරන්න මම ඒගැන දන්නවානම් අනිවාර්යයෙන්ම කියලා දෙනවා.