Sunday, January 29, 2017

Root නැතිව screen record කරමු

screen recording කියන්නෙ මොකක්ද කියලා දන්නවද?   ඕක දන්නෙ නැති එකෙක් ඉන්නවද නේ. screen recording කියන්නෙ ඉතින් තමන්ගෙ දුරකථනයේ හරි ටැබ් එකේ එහෙමත් නැත්නම් pc එකේ තිරයේ පෙනෙන දේවල් වීඩියෝ එකක් විදිහට පටිගත කිරීම. pc එකට නම් මේක එච්චර ගේමක් නෑ මොකද pc වලට ඔය screen recording software ඕන තරම් තියෙනවා. ඒ වුනාට android කස්ටියටනම් ඒක ටිකක් අමාරු වැඩක් මොකද ඇන්ඩ්‍රෝයිඩ් වලට screen recording apps ඕන තරම් Google play Store එකේ එහෙම තිබුණත් ඒවට root ඕන නැත්නම් ඇන්ඩ්‍රෝයිඩ් ලොලිපොප් ඕන. දැනටමත් phone එක root කරලා තියෙන අයටයි ඇන්ඩ්‍රෝයිඩ් ලොලිපොප් තියෙන අයට විතරයි ඒකේ ආතල් ගන්න පුළුවන් වෙන්නේ.ඒ වුනාට ඇන්ඩ්‍රෝයිඩ් phone එකක් අලුතෙන් ගත්ත අය නම් තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් phone එක root කරන්නේ නෑනෙ මොකද ගැරන්ටි නැති වෙනවාට බයයි. තවත් සමහරු තමන්ගෙ phone එක අරගෙන, දාගන roooooooooot කලත් root වෙන්නේ නෑ. අන්න ඒ වගේ අයට තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන හෝ ටැබ් එක root කිරීමකින් තොරවම screen එක record කරන්න තියෙන හොඳම ඇප් එකක් තමයි Mobizen කියන්නේ මේකෙ වාසි තමයි 

1. root ඕනම නැ
2. තමන්ට අවශ්‍ය කොලිටි වලට රෙකෝඩ් කරන්න පුළුවන්
3. ඒ රෙකෝඩ් එකේ තමන්ට අනවශ්‍ය කොටස් ඉවත් කරලා edit කරගන්න පුළුවන්.

ඉතින් මේ වගේ තව වාසි ගොඩක් තියෙනවා ඔයාලත් අරගෙනම බලන්න..
මම ගියා..

මේ link එක ක්ලික් කරලා play store එකට ගිහින් Mobizen ඇප් එක Download කරගන්න 

https://play.google.com/store/apps/details?id=com.rsupport.mvagent