Tuesday, October 3, 2017

Protect RAR file unlock කරමු.

ඔන්න අදත් පට්ට වැඩ කෑල්ලක් අරන් ම ආවා. ලියන නම් ගොඩාක් අලුත් වැඩ කෑලි තිබුනත් ඒවා බ්ලොග් එකට දාන්න වෙලාවක් තමයි නැත්තෙ. කමක් නෑ අපි ආපු වැඩේට බහිමුකෝ.

උඩ දකින්න ඇති⁣නෙ මේක පොඩි software එකක් . දැනට අන්තර්ජාලයේ මේ rar file unlock කරන්න එක එක ක්‍රම තිබුනත් ඒවා එච්චර සාර්ථක නෑ නමුත් මේක ගොඩාක් දුරට සාර්ථක ක්‍රමයක්
මෙතනදී වෙන්නෙ මේ මෘදුකාංගයෙන් වෙන්න අපි දෙන rar file එකේ password එකේ තියෙන්න පුළුවන් හැම විදිහටම password ඇතුල් කරලා බලනවා. හරි p.w එක හම්බවෙනකම්ම. ඉතින් rar file එකේ password එක හොද strong එකක් නම් password එක හොයාගන්න යන කාලයත් වැඩියි.

Software එක මෙතන ක්ලික් කරලා බාගෙන ඒ rar එක extract කරන්න . දැන් එක ඇතුලේ තියෙන setup install කරලා ඒ rar file එක ඇතුලෙම crack folder එක ඇතුලේ තියන file එක copy කරලා අර install විච්ච directory එකට paste කරන්න .
දැන් ඉතින් හොර වැඩෙත් හරි ;-) දැන් ඉතින් password තියෙන rar file හිතේ හැටියට unlock කරන්න.

මම මේ software එක ගැන දැනගත්තෙ  http://cyberlk17.blogspot.com
(කතෘ අයිතිය තියන්න ඕනනෙ :-) )

Friday, July 28, 2017

Android phone එක server එකක් කරමු No Root

කොහොමද. කාලයකින් පස්සේ තමයි බ්ලොග් එකට ලියන්න හම්බවුනේ.
අදත් ඉතින් පොඩි මෙව්වා එකක් ගැන කියන් තමයි හදන්නෙ.

උඩ දකින්න ඇතිනෙ. තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය අංගසම්පූර්ණ වෙබ් සේවාදායක පරිගණකයක් (web server) කරන හැටි තමයි කියන්න යන්නෙ

මේක ඉතින් ගොඩාක්ම වැදගත් වෙන්නෙ web designing එහෙම කරන , කරන්න කැමති අයට තමයි. මොකද අපි web site එකක් එහෙම design කරද්දී Html පිටු විතරක් නෙවෙයි php වගේ file එහෙමත් හදනවනෙ හැබැයි ඉතින් html file එකක් හදලා ඉවර වෙලා ඒකේ ක්‍රියාකාරීත්වය web browser එක හරහාම බලන්න පුළුවන් වුනාට php file වගේ ඒවා එහෙම බලන්න බෑ. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ web server එකක් ඇතුලේ විතරයි. ඉතින් අපි web site එකක් design කරද්දී ඒකට අවශ්‍ය php වගේ file වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කරන්න ඒ file නිතරම web server එකකට upload කර කර ඉන්න එක මල කරුමයක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වලට මේ මම දෙන්න හදන ඇප් එක ඔයාලා ලඟ තිබුනොත් කිසිම internet ගාස්තුවක් නැතුවම ඔයාලගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය ඇතුලේ ඉදලාම මේ file test කරන්න පුළුවන්.

මේ ඇප් එකේ නම Palapa Web Server

( මේක මේ පිටුව පහලම තියෙන Download කියන එක ක්ලික් කරලා play store හරහා Download කරගන්න පුළුවන්  )

මේ ඇප් එක Download කරගෙන ඉවර වෙලා ඇප් එක open කරපුවාම ඒකට අවශ්‍ය tool pack එක වෙනම Download කරගන්න ඕන කියනවා. එතකොට ඒක install කරන්න. දැන් ඇප් එකේ install කිරිල්ල හරි.

දැන් පාවිච්චි කරන හැටි බලමු

1. මුලින්ම ඔයා කැමති විදියකට ඔයාගෙ web site එකේ pages ටික design කරගන්න

2. ඒ විදියට web site එකට අදාල html,php වගේ files සේරම storage/sdcard0/pws/www කියන path එකට දාගන්න

* ඒ කියන්නේ SD එකේ "pws" folder එක ඇතුලේ තියෙන "www" folder එක ඇතුලට web pages ටික දාගන්න

3.  දැන් ඉතින් අර ඇප් එක open කරලා "START ALL SERVICE" කියන එක ටච් කරලා server එක start කරන්න.

4. දැන් ඇප් එකේ ඇති IP එක සහා Port එක බලාගෙන මෙහෙම web browser එකේ ටයිප් කරන්න

" http://ip ලිපිනය:port එක "
උද. http://127.0.0.1:8080

හොඳට බලන්න ip එක හා port එක අතරට ( : ) සංකේතයම දාලද කියලා.  මෙහෙම නැතුව එතනටත් නකම්ම තිතක් විතරක් දැම්⁣මට මේක වැඩ කරන්නේ නෑ. තව දෙයක් මේකෙ කොතනකවත් හිඩැස් තියන්න එපා

ඔයා wifi හරහා ජාලය හදන්න හිතාගෙන ඉන්නවානම් මේ server එක විදියට පාවිච්චි කරන ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයි පරිශිලක ( ඒ කියන්නෙ මේ web site එකට පිටින් එන කෙනා ) විදියට භාවිතා කරන උපාංගයයි කියන දෙන්නම එකම wifi එකකට සම්බන්ධ වෙන්න. ඔයාලා පහල 4 වෙනි පින්තූරය බැලුවොත් පෙනෙයි මම මේ උදාහරණයක් විදියට මගේ phone එකේ hotspot දාලා මේ ඇප් එක open කරලා තියෙනවා.
එතන හොදට බැලුවොත් ඔයාලට පෙනෙයි එතන IP කියන කොටසේ 127.0.0.1 ට අමතරව තව 192.168.43.1 කියලත් එකක් තියෙනවා. ඒ තියෙන්නේ මගේ phone එකේ hotspot එකට අයිති ip එක

ගෙදර wifi රවුටරයක් තියෙනවනම් මම කලින් කවුවා වගේ server එක විදියට පාවිච්චි කරන ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයි පරිශිලක උපාංගයයි දෙකම ඒ රවුටරයේ wifi එකට සම්බන්ධ වෙන්න එතකොටත් කලින් කිව්වා වගේ ඒ රවුටරයට අදාල ip එකත් web server ඇප් එකේ පෙනෙයි ඊට පස්සේ web browser එකේ
"http://ඒ අදාල ip එක:පොට් එක" ඇතුළත් කරන්න.
උදා.2
http:192.168.43.1:8080

5. දැන් අර url එක හරියට ගැහුවාම web browser එකේ පොඩි පිටුවක් open වෙයි index of කියලා එ⁣කෙ අර ඔයා storage/sdcard0/pws/www කියන folder එකට දාපු file ටික පෙනෙයි ඒවා අතරින් ඔයා design කරපු web site එකේ home page එකට අදාල html file එක ක්ලික් කරලා එක open කරගන්න.

සැ.යු
වෙන උපාංග නැතුව server එක කරපු දුරකථනයම පරිශිලක උපාංගය විදියටත් පාවිච්චි කරන්න ඔනනම් අර web server ඇප් එක run කරලා එහෙමම home button එක ඔබලා මේ url එක ඔයාගෙ web browser එකේ ගහන්න http://127.0.0.1:8080 ඒකට wifi හෝ wifi hotspot කියන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ app එක start කලා url එක ගැහුවා එච්චරයි.

මම ලබන පාර මේකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් දාන්නම් phishing එහෙම

මතක ඇතුව වැඩේ ඉවර වුනාම අර run කරපු server එක stop කරන්න.

පහල photo ටික බැලුවාම මේක පැහැදිලි වෙයි.

මෙතන තියෙන Download ක්ලික් කරලා ඇප් එක බාගන්න.

Thursday, June 22, 2017

Android / PC ඕන එකකින් Software නැතුව Youtube video Download කරමු.

අද කියන්නෙ Software මොකුත්ම නැතුව Youtube videos download කරන විදිහ. මේක ගොඩාක් අය දැන් දන්නවා හැබැයි එක දෙයක් හැමෝම හිතාගෙන ඉන්නෙ මේ විදියට youtube video Download කරන්න පුළුවන් pc වලින් විතරයි කියලා mobile phone / tab වගේ දේවල් වලින් මේ විදියට Download කරන්න බෑ කියලා ඒකට හේතුව තමයි මේ විදියට youtube video download කරන්න, අපිට ඒ video එකේ url එක අවශ්‍ය වෙන එක. PC එකේනම් video එකට අවශ්‍ය url එක browser එකේ උඩ url ටයිප් කරන තැනෙන් copy කරගන්න පුළුවන් ඒ වුනාට mobile phone / tab වගේ ඒවගෙ අපිට අවශ්‍ය video එකේ url එක ගන්න බෑනෙ ඒක⁣ට හේතුව ඒවගෙ youtube video play වෙන youtube ඇප් එකේ video එකට අදාල url එක නොපෙනෙන එක. ඒකට පොඩි ට්‍රික් එකක් මම පහල දාන්නම්. (හැබැයි chrome එකේනම් එහෙම අවුලක් නෑ)

කෝකටත් කතාව මැදින් පටන්ගන්න බැරි නිසා මේ video Download කිරිල්ල මුල ඉඳලම පියවරෙන් පියවර මම කියලා දෙන්ම්.

මෙන්න පියවර ටික අංක පිලිවෙලට බලන්න.

1. ඔයාට Download කරන්න අවශ්‍ය youtube video එකේ Url එක ගන්න.

* මෙන්න අර ට්‍රික් එක ඔයා android උපාංගයක් හරහා video එක Download කරන්න හිතාගෙන ඉන්නවානම් ඒ video එකේ නම youtube එකෙන් බලාගෙන ඒ නමම web browser එක හරහා google search කරන්න එතකොට ඒ අදාල youtube video එක google search results අතරට අැවිත් තියෙයි. එතකොට ඒ video results වලින් Download කරගන්න අවශ්‍ය video එක උඩ ටිකක් වෙලා touch කරගෙන ඉදලා එන මෙනුවෙන් " copy link url " කියන එක touch කරලා ඒක copy කරගන්න.

2. දැන් ඒ ලින්ක් එක කොතනක හරි paste කරන්න (web browser එකේ url bar එකේම වුනත් කමක් නෑ)

3. දැන් ඒ url එකේ http:// කියන කොටසයි youtube කියන කොටසයි අතර හිඩැසක් නොතියෙන්න ss ටයිප් කරන්න.

උදා:- 

පියවර 1 https://www.youtube.com/watch?v=FueHN88fcY8

පියවර 2 https://www.ssyoutube.com/watch?v=FueHN88fcY8

3. දැන් අර උදා පියවර 2 දී වගේ ss ටයිප් කරලා ඒ url එක enter කරන්න එතකොට එන අලුත් පිටුවෙන් ඔයා තෝරපු youtube video එක ඔයාට අවශ්‍ය ⁣ format එකකින් Download කරගන්න.

වැදගත් :-
සමහරවිට අර url එක
https://www.youtube.com/watch?v=FueHN88fcY8
කියලා නැතුව
https://m.youtube.com/watch?v=FueHN88fcY8
කියලා උනත් තියෙන්න පුළුවන් එහෙම උනොත් අවුලක් නෑ එත් අර විදිහට ම m අකුරයි තිතයි www ටිකයිඅයින් කරලා https://ssyoutube.com/watch?v=FueHN88fcY8 කියලා ටයිප් කරන්න.

මේ ක්‍රමේ ලොකුම වාසිය තමයි මේ පියවර අතරෙදී youtube site එකට යන එක ගොඩක් ම අඩු නිසා ඔයාලා online youtube video බලද්දී යන ඩේටා ප්‍රමානයට වඩා ගොඩක් ඩේටා ඉතුරු වෙන එක.

පහල images ටික බැලුවාම තවත් පැහැදිලි වෙයි.

Wednesday, June 7, 2017

Dialog start points ටික Reload එකක් විදියට දාගමු

ඔයාලත් ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා දැකලා ඇති කාලෙකට සැරයක් Dialog එකෙන් sms එකක් එවනවා ඔයාගෙ startpoints කල් ඉකුත් වෙන්න කලින් ඒ points පාවිච්චි කරන්න කියලා. හැබැයි අපි ඉතින් ඒ sms එක වැඩිය ගනන් ගන්න් නැති නිසා Star points හැමදාම එකතු වෙලා expire වෙනවා. හැබැයි මේකෙන් Prepaid අයට account balance එක වැඩි කරගන්නයි, Postpaid අයට බිල ගෙවන්නයි පුළුවන්.

Startpoints ගාන බලන්නෙ කොහොමද

#141# වලට ගිහින් Step by step වලින් Starpoint balance එක බලාගන්න පුළුවන්.

 Reload කරගන්නේ කොහොමද?

මේකට මෙකට අපේ startpoints ගාන 100 ට ⁣වැඩි වෙන්න ඕන. අපි හිතමු 175 ක් තිබුනා කියලා, එතකොට වැඩිපුර තියන 75 reload එකක් විදියට දාගන්න පුළුවන්. ඔයාට Starpoint 250 ක් තිබුනොත් 150  ක් reload කරගන්න පුළුවන්.

අපි හිතමු Starpoint ගණන 131 යි කියලා. එතකොට අපිට reload කරන්න පුළුවන් 31 යි. එකට message එකක.

Star pay 31    කියලා message එක 141 ට යවන්න.

මමත් මේක කලා හරිගිය නිසා තමයි බ්ලොග් එකටත් දාන්න හිතුවේ පහල screen shots ටික බලන්නකො.

මම මේක දැනගත්තෙ සයිබර් අවකාශ බ්ලොග් සයිට් එකෙන්. 

(අනුුන් මහන්සි වෙලා ලියපු බ්ලොග් පෝස්ට් හොරා වගේ මමත් කොපි කරන එක හරි නැති නිසා තමයි නම දැම්මෙ.)

http://lahirucyberspace.blogspot.com

Monday, May 29, 2017

Android උපාංගයේ Volume up down button එක කැඩුණද ? මෙන්න අපෙන් විසදුමක්

අද කියන්නේ ගේම් එකක් ගැනනම් නෙවෙයි. ඔයාගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයේ (tab/phone) Volume ± button දෙක කැඩුණොත් ඒකට කරන්න පුළුවන් පිළියමක්.
ඉතින් ඔයාලා දන්නවනෙ ගොඩක් ඇන්ඩ්‍රෝයිඩ් උපාංග තියෙන්නේ ස්පර්ශ සංවේදී තිරයක් සහිතව නෙ, ඒ කියන්නේ touch screen එක touch කිරීම මගින් තමයි මේ උපාංග වල ගොඩක් ක්‍රියාකාරකම් කරන්නේ. ඉතින් මේ උපාංග වල යාන්ත්‍රික ක්‍රමයට ක්‍රියාත්මක වෙන button විදියට තියෙන්නේ Home button එකයි Power  button එකයි Volume ± button එකයි විතරයි. (සමහර උපාංග වල Home button එකත් touch ක්‍රමයට ම තියෙනවා) ඉතින් මේ යාන්ත්‍රික buttons ඔයාලා පාවිච්චි කරන විදිහ අනුව ඉක්මනින්ම නිවන් දකින්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි Home button , Power button වගේ උපාංගයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ප්‍රධානවම බලපාන buttons අලුත්වැඩියා කළාට , Volume ± button එක වගේ ක්‍රියාකාරීත්වයට ගොඩාක් ම ප්‍රබල විදියට බලපාන්නෙ නැති buttons අලුත්වැඩියා කරන්න ඒ තරම් ම උනන්දු වෙන්න නෑ. හැබැයි ටික කාලයක් යද්දී ම අපිට තේරුම් යනවා මේ volume button එකේ වැදගත්කම. ඉතින් ඒ වගේ වෙලාවට සාමාන්‍ය volume button එකේ කාර්ය ම touch screen එක හරහාම කරගන්න පුළුවන් විදියට හදපු ඇප් එකක් තමයි මේ A-Volume කියන්නේ. මේ ඇප් එක widget එකක් විදියට Home screen එකේ තියාගෙන ඔයාට අවශ්‍ය විදියට උපාංගයේ හඩ අඩු වැඩි කරගන්න පුළුවන්

මේ ඇප් එක ඒ තරම් විශාල ධාරිතාවක් තියෙන ඇප් එකක් නෙවෙයි මේ ඇප් එකේ size එක 257 KB තරම් ඉතා කුඩා අගයක් වෙනවා.

මේ ඇප් එක භාවිතා කරන්න එච්චර අමාරු නෑ install කරලා මුලින්ම එන විස්තර හරියට පිලිපදන්න.

විශේෂම දේ තමයි මේ ඇප් එක install කරන්න ඔන Internal storage එකේ විතරයි. නැතුව External storage එකේ install කළොත් ඇප් එක ක්‍රියාත්මක වුනාට widget එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා මතක අැතුව internal storage එකේම install කරන්න.

Widget දාන හැටි නම් දන්නවා ඇතිනෙ
පහල screen shots ටික බැලුවාම ඇප් එක පාවිච්චි කරන හැටි පැහැදිලි වෙයි.

අපිට අවශ්‍ය option වලට ටික් එකක් දාන්න widget එකේ පාට විනිවිද බව වගේ දේවල් settings වලදී ඔයාට පාලනය කරගන්න පුළුවන්.

මෙන්න මෙතන ක්ලික් කරලා ඇප් එක Download කරගන්න

Thursday, May 25, 2017

ඇන්ඩ්‍රෝයිඩ් වලට හොදම windows launcher එක

මම අද කියන්නෙ තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය වින්ඩෝස් os එක වගේ කරගන්න කැමති අයට වැදගත් වෙන launcher එකක් ගැන.

ඒ තමයි Android Windows 7 කියන ඇප් එක. වැඩිය විස්තර නම් දාන්න දෙයක් නෑ. මේ launcher එක mobile එකකට වඩා tab එකකට නම් ගොඩාක් ලස්සනයි.

මෙන්න මෙතන ක්ලික් කරලා ඇප් එක Download කරගන්න.

ඔයාලා දැන් මේ පෝස්ට් එක බලන්නෙ pc එකෙන් නම් mobile එක හරහා මේ ඇප් එක Download කරගන්න අවශ්‍ය නම් පහල QR code එක scan කරන්න.

පහල screen shot ටිකකුත් තියෙනවා.
මම මේ ඇප් එක ගැන මම දැනගත්තේ මනුෂ අයියගෙ බ්ලොග් එකෙන්.

Saturday, May 20, 2017

වෙබ් පිටුවක් pdf කරමු.. web page to pdf

ආපහු සැරයක් මම ඔයාලාට වැදගත් වෙයි කියලා හිතුනු දෙයක් අරගෙනආවා. ඒ තමයි web page එකක් එහෙමත් නැත්නම් HTML , Java වගේ කේතකරණ භාෂාවක් මගින් නිර්මාණය කරපු ඡායාරූප වගේ දේවල් අඩංගු වෙබ් පිටුවක් pdf (Portable Document Format) එකක් විදියට හදාගන්න විදිහ. මේක කරන්න පුළුවන් මෘදුකාංග පරිගණකය සඳහාත් තිබුණත් මම අද කතාකරන්නේ ඇන්ඩෝයිඩ් උපාංග සදහා ඇති ඇප් එකක් ගැන මොකද අපේ අතේ හැම වෙලාවෙම පරිගණකයට වඩා ති⁣යෙන්නේ ජංගම දුරකථනය නිසා.   අපි හිතමුකෝ google පැත්තෙ රවුමක් දෙකක් ගහද්දී ඔයාලාට වැදගත් වෙබ් පේජ් එකක් හම්බ වෙලා ඒක අපට save කරගන්න ඕන වුනා කියමුකෝ. එතකොට අපි ලග මේ app එක අපි ලඟ තිබුනොත් අපිට ගොඩක් වැදගත් වෙන⁣වා. හැබැයි මේ ඇප් එක නැතත් අපට ඒ අපිට අවශ්‍යය වෙබ් පිටුව අපේ උපාංග ඇතුලේම offline web page එකක් විදියට තියාගන්න පුළුවන්. ඒ කිවුවේ ⁣අපට අවශ්‍යය වෙබ් පිටුව html පිටුවක් ම විදියටත් ඒ පිටුවට අදාල photos එහෙම, තවත් folder එකක් ඇතුලේත් save වෙනවා. එතකොට ඉතින් වැඩේ හරි.. හැබැයි ඉතින් ඒ විදියට save කරගත්තු web page එක තව මොකෙක්ට හරි දෙන්න ගියාම තමයි වැඩේ තියෙන්නේ ඒ කියන්නේ ඉතින් අර කලින් save කරලා ති⁣යෙන files කන්දක් විතර තෝරලා තෝරලා මාර ගේමක් දීලා අපි ඕන file එක තෝරලා තමයි ඒ වැඩේ කරගන්න වෙන්නේ.. ඉතින් ඒ හැම කරදරයකටම විසඳුම තමයි අර මම කලිනුත් කිව්ව මේ " web to pdf " කියන ap එක
මේක කරන්නේ මෙහෙමයි මුලින් ම, ඔයාට අවශ්‍ය වෙබ් පිටුවේ URL එක copy කරගෙන මේ ඇප් එකට ඇවිල්ලා ඒක ඇතුලේ තියෙන input URL here to convert කියන තැනට past කරලා Convert Button එක ඔබන්න එතකොට ඒ වෙබ් පිටුව ටික වෙලාවකින් pdf එකක් වෙලා එයි.

මෙන්න විශේෂ ම කාරනේ, මේ වගේ web to pdf aps ගොඩක් play එකේ තියෙනවා. හැබැයි ඒ ඇප් සිංහල වලට සහය දක්වන්නේ නෑ. සිංහල අකුරු වදින්නෙ කෙටෙු කොටු වගේ (◻️◻️◻️◻️) හැබැයි මේ ඇප් එකේ එහෙම අවුලක් නෑ.

මෙන්න play store URL එක මෙතන ක්ලික් කරලා play එකෙන් බාගන්න

පහල ති⁣යෙන පින්තූර ටිකත් බලන්න

PDF එකක් ඡායාරූපයක් කරමු ( pdf to jpg )

ඔයාලා දන්නවානෙ මම ඔයාලාට කියලා දෙන්නේ මගේ සාමාන්‍ය ජිවිතයේදී මට එන ප්‍රශ්න ගැටලු වලට විසඳුම් හොයන්න මම කරන ක්‍රියාන්විත වලදී මම ඉගෙනගන්න දේවල් කියලා. අද ඒ විදියට මම කියලා දෙන්න යන්නේ  pdf එකක් images එකක් එහෙමත් නැත්තම් ඡායාරූපයක් කරන්නේ කොහොමද කියලා. මේක ඔයාලාට දැන් වැදගත් නොවුනත් කවදාහරි මේක වැදගත් වෙයි..

මගේ මේ ධර්ම දේශනයේ නිධාන කතාව කියනවානම් පිංවතුනි..
මම මේ දවස් වල 11 වසරේ ඉන්න ict විෂය කරන පොරවල් ටිකට ඇන්ඩ්‍රෝයිඩ් උපාංග වලින් බලන්න පුළුවන් විදියට නව නිර්දේශ ප්‍රශ්න පත්‍ර app එකක් හදනවා. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රශ්න පත්‍රය තිබුණේ pdf එකක් විදියට ඇප් එක ඇතුලේ pdf එකක් දානවට වැඩිය images ටිකක් දාලා ඒ images වලට ගැලපෙන html පිටුවක් දාලා හදන එක ලේසියි. ඉතින් මම අර pdf එක images ටිකක් කරන්න මුලින්ම ගත්තා software එකක් හැබැයි ඒ software එකෙන් මේ pdf එක images කරන්න පැයක් විතර යනවා. ඉතින් මෙච්චර වෙලා කාලෙ කකා ඉන්නවට වැඩිය , මම වෙන හොඳ ක්‍රමයක් හොයන්න google දෙයියො ලඟට ගිහින් ඇහුවම google දෙයියො , මට මේ වැඩේ කරගන්න පුළුවන් web site ගොඩක් හොයා දුන්නා. හැබැයි ඉතින් අර ලාබ බඩුවේ හිලක් ඇති වගේ free site වල මේ වැඩේට ගොඩාක් වෙලා යනවා. ඉතින් මම කොහොම හරි free දෙන ඉක්මනින්ම වැඩෙත් කරලා දෙන pdf convert site එකක් හොයාගත්තා.
😇

ඉතින් මම මේ බොහෝම අමාරුවෙන් හොයාගත්ත මේ online pdf convert web site එක ඔයාලාත් දැනගන්න මම
පහලින් දාන්නම් මේ convert කිරිමට හරිම ලේසියි

මේ Site එකේ තව ගොඩාක් වැඩ කරගන්න පුළුවන් ඒකට මේ site එකේ මෙනුවෙන් අවශ්‍ය කාර්ය තෝරාගන්න

මෙන්න Home page URL එක :-
# https://smallpdf.com

මෙන්න pdf එකක් jpg කරන කොටසට අයිති URL එක :-
# https://smallpdf.com/pdf-to-jpg

Tuesday, April 25, 2017

සුප්‍රසිද්ධ Winrar දැන් Android වලටත්

මේ අවුරුද්දට පස්සේ මම ලියන පළවෙනි ලිපිය. දැන්මම ලිපියක් දාන්න කල් වැඩියි කියලා හිතුණත් මේක දාන එක ඔයාලාට ගොඩාක් වැදගත් වෙයි කියලා මට හිතුනා. ඔයාලා දන්නවානෙ Winrar software එක. මෙක ඉතින් අපේ කොල්ලන්ගෙ computer වලින් 99.9% ක ම තියෙන software එකක් මේකෙන් අපිට එක එක වාසි ගොඩක් තියෙනවා⁣ (ඕවා ගැන ආය ආය කියලා වැඩක් නැ දන්න එවුන් දන්නවා ) ඉතින් කොච්චර සුපිරි software වුනත් මේක නොමිලේ දෙන software එකක් නෙවෙයිනේ. හැබැයි ලංකාවේ ඉන්න බඩු කෑලි මේක කොහොම හරි crack කරලා පාවිච්චි කරනවා. හැබැයි මේ android ඇප් එකනම් එහෙම මැරීගෙන දගලන්න ඕන නෑ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ තමයි දෙන්නෙ මේකෙ නම RAR

මෙතනින් ගිහින් මේ සුපිරි ඇප් එක play store එකෙන් Download කරගන්න.

පහල image එකේ මේකෙ තොරතුරු සැකවින් ඉදිරිපත් කරලා තියෙනවා  (;-)
😁

වැඩිය ලියන්න මට බෑ කම්මැලියි මෙහෙම නිකන් ඉන්න වෙලාවක් ආය ලබන ආත්මෙවත් ලැබෙන එකක් නෑ. ඒ නිසා මම අදට මේ ලිපිය මෙතනින් නවත්වනවා.. එහෙනම් මම ගියා..

Monday, April 10, 2017

සුභ අලුත් අවුරුද්දක් වේවා...!

ඔන්න ඉතින් අවුරුදු මාසෙත් ආවානෙ. මේ ලබන්නාවු අලුත් අවුරුද්ද ඔයාලගෙ හිතේ තියෙන ප්‍රාර්ථනා හැම දෙයක්ම ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

අපිත් එක්කම මෙච්චර කාලයක් එකට රැදී සිටිය සැම දෙනාම මේ අවුරුද්දෙත් අපිත් එක්කම රැදී ඉඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා

ඔබ සියළු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

මම
නුවන් කීර්තිසිංහ
nuwan keerthisinghe

mp3 එකකට photo දාමු

දැන් මම දාන්න යන්නේ තවත් පට්ට ඇප් කෑල්ලක්. ඒ තමයි itag app එක මේකෙන් ඔයාලාට ඕන mp3 එකක කවරයට ගැලපෙන photo එකක් දාගන්න පුළුවන්. ඒත් එක්කම ඒ mp3 එකේ අනෙක් විස්තර ඒ කියන්නේ සින්දුවේ නම,කියන කෙනගෛ නම වගේ දේවලුත් අපට ⁣වෙනස් කරගන්න පුළුවන්.

මෙතන ක්ලික් කරලා itag app එක Download කරගන්න

අර Sinhala Photo Editor එකට හරියන font ටික දාලා මම post එකක් ලිවුවා ඒත් ඒක පොඩි අත්වැරැදීමකින් මැකුනා ආපහු ඒක ලියන්න ටිකක් කල් යයි.

Photos උඩ සිංහල ටයිප් කරමු

මේ මම අද කියන් යන්නෙ දැනමත් ලංකාවේ ලක්ෂ ගණනක් භාවිතා කරන Sinhala Photo Editor ඇප් එක ගැන හැබැයි තවම සමහරු මේගැන තවම දන්නෙනෑ මේක් මම එච්චර විස්තරයක් දාන්නෙ නෑ මොකද ඇප් එක සම්පුර්ණයෙන්ම සිංහලෙන් තියෙන නිසා භාවිතා කරන විදියට ඔයාලාටම ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම මේකෙ දියුණු කරන්න යෝජනා,චෝදනා ඔන දෙයක් මේක හදපු කෙනාට යවන්න පුළුවන්. ඔයාලා මේ ඇප් එක Download කරගත්තොත් ඔයාලාට දකින්න ලැබෙයි මේ ඇප් එක ඇතුලේ තියෙන font වලට අමතරව ඔයාලා ලග තියෙන Font උනත් භාවිතා කරන්න පුළුවන් කියලා. අන්න ඓ්ක මගේ යෝජනාවක්. ඉතින් ⁣ඔයාලත් දැම්මම play එකට ගිහින් මේ වටිනා ඇප් එක බාගන්න මේක⁣ට හරියන .ttf එක්ස්ටෙන්ෂන් එක තියෙන font තොගයක් ම මම ඔයාලාට ඊලඟ පෝස්ට් එකකින් දෙන්නම්. මම දෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව ගූගල් දෙයියන්ගෙන් අහල බැලුවොත් ඔයාලාටත් හොඳ හොඳ font ගන්න පුළුවන්.

මේ ඇප් එකේ size එක 2.2MB හැබැයි මේකෙ mp3 වලට ඡායාරූප ඇතුලත් කිරීම, ඇප් backup කිරීම, video Edit කිරීම, තිරය වසා භාවිතා කළහැකි වීඩියෝ කැමරාව, ටෝච් එක, වගේ එක එක විශේෂාංග ගොඩාක් තියෙනවා. මේ ඇප් එක භාවිතා කරන ඔයාලාට go keyboard 2015 සහ Eraser කියන අමතර ඇප් දෙකත් ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

මේ Sinhala Photo Editor ඇප් එක මෙතනින් ගිහින් බාගන්න

මේ පහල තියෙන්නේ මම මේ ඇප් එකෙන් හදපු photos ටිකක්

Saturday, April 1, 2017

ඇන්ඩෝයිඩ් දුරකථනයටත් recycle bin එකක්

ඔයාට ගොඩාක් වටිනා photo එකක් video එකක් mp3 එකක් වගේ ඕනම වර්ගයක file එකක් ඔයා අතින් Delete උනොත් මොකද කරන්නේ computer එකේනම් ඉතින් recycle bin එක තියෙන නිසා ඓ්කෙන් Restore කරගන්වා ඒත් එහෙම බැරි android mobile එකේනම් ඉතින් එක්කෝ ඒ file එක ආපහු Download කරගන්නවා ඓහෙමත් නැත්නම් ඉතින් ගිය දේ ගියා කියලා ගොනා වගේ ඉන්නවා. හැබැයි මාර කට්ටක් කාලා හදපු මොකක්හරි file එකක් Delete වුනොත් ඉතින් ඇඬෙන්නෙ තනි ඇහැට(:-D) ඉතින් එහෙම චාටර් කකා ඉන්නෙ නැතිව තමුන් අතින් වැරදිලා Delete වුනු ඔනම format එකක file එකක් (mp4,mp3,jpg,png,gif,mvw.....) ආපහු අපිට ලබාගන්න පුළුවන් විදියට හදපු ඇප් එකක් තමයි මේ Dumpster කියන්නේ. මේවගේ තව ගොඩක් ඇප් google play එකේ තිබුණත් ඒවට වඩා මේක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

මේ Dumpster ඇප් එක මෙතන ක්ලික් කරලා Google Play එකට ගිහින් බාගන්න.

දැන් මෙහෙම දාපු ගමන් මට බනින්න එපා මූ මෙච්චර බයිලා ගැහුවෙ මේක Play Store එකෙන් Download කරගන්න කියලා කියන්නද කියලා. මෙහෙමයි මේ පෝස්ට් එක මම දැම්මේ ඔයාලා මේ ගැන දැනුවත් කරන්න. නැතුව මේ blog එක ඇතුලේම මේ Download දුන්නා කියලා කිසි තේරුමක් නෑ. අනික play එකෙන් Download කරගත්තාම ඔයාලාට දැනට තියෙන අලුත්ම update එකම ගන්න පුළුවන්. එහෙනම් මම ගියා. ඔයාලාට වෙන මොනවා හරි app,software වගේ දෙයක් ගැන දැනගන්න / Download කරගන්න ඕනම් පහලින් Comment කරන්න මම ඒගැන දන්නවානම් අනිවාර්යයෙන්ම කියලා දෙනවා.

Friday, March 31, 2017

Hill-Climb-Racing mod ගේම් එක

මම ගියපාර City Run Racing 3D game එක් mod එක දුන්නනෙ මේ පාර මම දෙන්න හදන්නෙ Hill-Climb-Racing mod එක මේකත් ඉතින් පහල තියෙන විදියට install කරලා තියෙන ඔක්කෝම වාහන ටිකයි පාරවල් ටිකයි අරගෙන අතිතරම් play කරන්න. මම කිය කිය ඉන්න දෙයක් නෑ "හිමුන්තතුවා කෙතලාහිරුවා" (තමුන් හිතුවා හිතලා කෙරුවා) මේකට වෙනමම file replace කර කර ඉන්නවත් වෙන Hacking apps ඕනත් නෑ. ගතත්තා install කලා play කලා..

1. Mod Apk Size: 49 MB
2. Updated 03.16.2017
3. Downloads 100 000 000–500 000 000

# මේ mod game එකේ වාසි ඇතුලෙදී අපිට

1. Unlimited Money
2. Unlimited Diamonds

කියන දේ ලැබෙනවා.

# මෙන්න ගේම් එක install කරලා Play කරන විදියට

1. Hill-Climb-Racing- mod apk from the link below
3. Install the Apk
4. Run the Apk
5. Enjoy

ගේම එක මෙතනින් Download කරගන්න

පහල තියෙන photos ටිකත් බලාගෙනම යන්න.

Saturday, March 18, 2017

City Racing 3D ගේම් එකේ mod එක

අදනම් වැඩිය කතා නෑ උඩ දාලාම තියෙනවානෙ City Racing 3D ගේ එක් mod app එක තමයි දෙන්න හදන්නෙ කියලා. මේක ඉතින් සුපිරි ගේමක් play කරලා තියෙන අය දන්නවා. ඒත් ඇත්තම ගේම් එක ඇතුලේ මුලින්ම දෙන වාහනය පාවිච්චි කරලා මේ ගේම් එක ගහන්න නම් ටිකක් අමාරුයි. ඒත් මේ mod එකේදිනම් එහෙම කරදර නෑ. තියෙන හොඳම කාර් එක අරගෙන පැයක් ඇතුළත මුලු ගේමම ඉවර කරන්න පුළුවන්. මේකට වෙනමම file replace කර කර ඉන්නවත් වෙන Hacking apps ඕනත් නෑ.

# මෙන්න විස්තර ටිකක්

Mod Apk Size: 40MB
Apk Installs: 50,000,000 – 100,000,000
Apk Requirement: 2.3+
Latest Version: 3.0.130
Developer: 3DGames

# මේ mod game එකේ වාසි ඇතුලෙදී අපිට

1. Unlimited Money
2. Unlimited Coins
3. Unlimited Diamonds

කියන දේ ලැබෙනවා.

# මෙන්න ගේම් එක install කරලා Play කරන විදියට

1. Download the city racing 3d mod 2. apk from the link below
3. Install the Apk
4. Run the Apk
5. Enjoy

ගේම එක මෙතනින් Download කරගන්න

පහල තියෙන photos ටිකත් බලාගෙනම යන්න. මම අර ගිය පාර ලියපු අධෝරක්ත කිරණ ගැන ඉතිරි කොටස මම සම්පුර්ණයෙන්ම කරුණු හොයාගන ලියන්නම්. සමහරැ මට පල් ටෝක් දීලා තිබ්බා මේ ගැන කියලා 😁 (:-D)

Tuesday, March 7, 2017

Infrared radiation (අධෝරක්ත කිරණ ) ගැන දැනගමු

අදනම් මම ලියන්නෙ app එකක් ගැනවත් මමයි අපේ රන්දිකයයි හදපු මොකක් හරි ජිල්මාට් එකක් ගැන වත් නෙමෙයි ගොඩාක් කාර්ය වලට ප්‍රායෝගිකව භාවිතා කරන/භාවිතා කරන්න පුළුවන් කිරණ විශේෂයක් වන අධෝරක්ත කිරණ ඒ කියන්නේ infrared radiation. ඔයාලා දන්නවානෙ අපේ පියවි ඇහැට රතු වර්ණයට වඩා පහල සංඛ්‍යාත තියෙන කිරණ වර්ග පෙනෙන්නේ නෑ කියලා ඉතින් මේ රතු වර්ණයට වඩා පහල සංඛ්‍යාත තියෙන අපේ පියවි ඇහැට නොපෙනෙන තරංග පරාසය තමයි අපි අධෝරක්ත කිරණ විදිහට හදුන්වන්නේ. රත් වුනු වස්තු වලින් මේ අධෝරක්ත කිරණ නිකුත් වන නිසාත් මේ කිරණ අපේ ඇඟට වැටුනහම රස්නෙ ගතියක් දැනෙන නිසාත් මේ අධෝරක්ත කිරණ තාප විකිරණය විදිහටත් හඳුන්වනවා (ලු).

දැන් අපි මේ අධෝරක්ත කිරණ වල භාවිතා ගැන බලමු.
මේ අධෝරක්ත කිරණ වල භාවිතා වලට හොඳම උදාහරණය තමයි ඔයාලගෙ TV remote control එක. ඔයාලා TV remote control එක දිහා හොඳට බැලුවොත් පෙනෙයි ඒකෙ ඉස්සරහ පොඩි LED එකක් තියෙනවා ඒකට කියන්නේ IR LED කියලා (සමහර remote control වල නම් මෙක පෙනෙන්නේ නෑ) ඉතින් ඒ LED එක ඔයාගෙ ඇහැ දිහාවට හරවාගන ඔයා කැමති button එකක් ඔබලා බලන්න ඒ LED එක දැල්වෙනවා වෙනවා පෙනෙන්නේ නෑ නේද? දැන් ඔයාගෙ mobile phone එකේ කැමරාව on කරලා කලින් විදිහටම remote control එකේ කැමති button එකක් ඔබලා ඒක කැමරාව හරහා බලන්න. ඒක දැල්වෙන හැටි පේනවා නේද? හරි දැන් අධෝරක්ත කිරණ වල තවත් භාවිත ටිකක් බලමු. මේ තියෙන්නේ cctv කැමරා, සමහර සෙල්ලම් භාන්ඩ , night vision කැමරා , යුධ උපකරණ එවාගෙන් කොටසක්.

ඒ දේවල් අතරිනුත් මගේ හිත ගියේ cctv වල භාවිතය ගැන

ඉතින් මේ cctv වල අධෝරක්ත කිරණ භාවිතය හරිම අපූරු දෙයක්. ඒ කියන්නේ මම කලින් කිවුවා මතකයිනේ මේ අධෝරක්ත කිරණ අපේ ඇසට පෙනෙන්නේ නෑ කියලා ඉතින් මේ සංසිද්ධිය ගැනගොඩාක් අපූරුවට හිතපු cctv කැමරා නිර්මාණකරුවෝ මේ කැමරාව අදුරු අවස්ථා වල ක්‍රියාත්මක වෙලා තියෙනකොට කැමරාවට අවශ්‍ය ආලෝකය ලබාගන්න සාමාන්‍ය LED වෙනුවට මේ IR LED යොදාගෙන තියෙනවා. දැන් වැඩේ තේරුනානෙ එතකොට රෑට මේ කැමරා තියෙන තැනක මොකක්හරි හොර වැඩකට හොරෙක් ගියොත් හොරා එකෙන්ම මාට්ටු. මොකද හොරාට කැමරාව නොපෙනුණාට කැමරාවට හොරාව පෙනෙනවා. 😁 ඒ නිසා උඹලත් රෑට හොරකමේ යනකොට මතක ඇතුව phone ඓකේ කැමරාව on කරගෙන පලයල්ලා.... 😂😂😂 පොඩි විහිලුවක් ඈ ගනන් ගන්න එපා.

ඉතින් එහෙනම් මම ගියා මේ ලිපියේ තව කොටසක් ලබන පාර දාන්නම් (පොඩි remote control කෑල්ලක් එහෙම හදන හැටි)