Monday, May 29, 2017

Android උපාංගයේ Volume up down button එක කැඩුණද ? මෙන්න අපෙන් විසදුමක්

අද කියන්නේ ගේම් එකක් ගැනනම් නෙවෙයි. ඔයාගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගයේ (tab/phone) Volume ± button දෙක කැඩුණොත් ඒකට කරන්න පුළුවන් පිළියමක්.
ඉතින් ඔයාලා දන්නවනෙ ගොඩක් ඇන්ඩ්‍රෝයිඩ් උපාංග තියෙන්නේ ස්පර්ශ සංවේදී තිරයක් සහිතව නෙ, ඒ කියන්නේ touch screen එක touch කිරීම මගින් තමයි මේ උපාංග වල ගොඩක් ක්‍රියාකාරකම් කරන්නේ. ඉතින් මේ උපාංග වල යාන්ත්‍රික ක්‍රමයට ක්‍රියාත්මක වෙන button විදියට තියෙන්නේ Home button එකයි Power  button එකයි Volume ± button එකයි විතරයි. (සමහර උපාංග වල Home button එකත් touch ක්‍රමයට ම තියෙනවා) ඉතින් මේ යාන්ත්‍රික buttons ඔයාලා පාවිච්චි කරන විදිහ අනුව ඉක්මනින්ම නිවන් දකින්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි Home button , Power button වගේ උපාංගයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ප්‍රධානවම බලපාන buttons අලුත්වැඩියා කළාට , Volume ± button එක වගේ ක්‍රියාකාරීත්වයට ගොඩාක් ම ප්‍රබල විදියට බලපාන්නෙ නැති buttons අලුත්වැඩියා කරන්න ඒ තරම් ම උනන්දු වෙන්න නෑ. හැබැයි ටික කාලයක් යද්දී ම අපිට තේරුම් යනවා මේ volume button එකේ වැදගත්කම. ඉතින් ඒ වගේ වෙලාවට සාමාන්‍ය volume button එකේ කාර්ය ම touch screen එක හරහාම කරගන්න පුළුවන් විදියට හදපු ඇප් එකක් තමයි මේ A-Volume කියන්නේ. මේ ඇප් එක widget එකක් විදියට Home screen එකේ තියාගෙන ඔයාට අවශ්‍ය විදියට උපාංගයේ හඩ අඩු වැඩි කරගන්න පුළුවන්

මේ ඇප් එක ඒ තරම් විශාල ධාරිතාවක් තියෙන ඇප් එකක් නෙවෙයි මේ ඇප් එකේ size එක 257 KB තරම් ඉතා කුඩා අගයක් වෙනවා.

මේ ඇප් එක භාවිතා කරන්න එච්චර අමාරු නෑ install කරලා මුලින්ම එන විස්තර හරියට පිලිපදන්න.

විශේෂම දේ තමයි මේ ඇප් එක install කරන්න ඔන Internal storage එකේ විතරයි. නැතුව External storage එකේ install කළොත් ඇප් එක ක්‍රියාත්මක වුනාට widget එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා මතක අැතුව internal storage එකේම install කරන්න.

Widget දාන හැටි නම් දන්නවා ඇතිනෙ
පහල screen shots ටික බැලුවාම ඇප් එක පාවිච්චි කරන හැටි පැහැදිලි වෙයි.

අපිට අවශ්‍ය option වලට ටික් එකක් දාන්න widget එකේ පාට විනිවිද බව වගේ දේවල් settings වලදී ඔයාට පාලනය කරගන්න පුළුවන්.

මෙන්න මෙතන ක්ලික් කරලා ඇප් එක Download කරගන්න

Thursday, May 25, 2017

ඇන්ඩ්‍රෝයිඩ් වලට හොදම windows launcher එක

මම අද කියන්නෙ තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් උපාංගය වින්ඩෝස් os එක වගේ කරගන්න කැමති අයට වැදගත් වෙන launcher එකක් ගැන.

ඒ තමයි Android Windows 7 කියන ඇප් එක. වැඩිය විස්තර නම් දාන්න දෙයක් නෑ. මේ launcher එක mobile එකකට වඩා tab එකකට නම් ගොඩාක් ලස්සනයි.

මෙන්න මෙතන ක්ලික් කරලා ඇප් එක Download කරගන්න.

ඔයාලා දැන් මේ පෝස්ට් එක බලන්නෙ pc එකෙන් නම් mobile එක හරහා මේ ඇප් එක Download කරගන්න අවශ්‍ය නම් පහල QR code එක scan කරන්න.

පහල screen shot ටිකකුත් තියෙනවා.
මම මේ ඇප් එක ගැන මම දැනගත්තේ මනුෂ අයියගෙ බ්ලොග් එකෙන්.

Saturday, May 20, 2017

වෙබ් පිටුවක් pdf කරමු.. web page to pdf

ආපහු සැරයක් මම ඔයාලාට වැදගත් වෙයි කියලා හිතුනු දෙයක් අරගෙනආවා. ඒ තමයි web page එකක් එහෙමත් නැත්නම් HTML , Java වගේ කේතකරණ භාෂාවක් මගින් නිර්මාණය කරපු ඡායාරූප වගේ දේවල් අඩංගු වෙබ් පිටුවක් pdf (Portable Document Format) එකක් විදියට හදාගන්න විදිහ. මේක කරන්න පුළුවන් මෘදුකාංග පරිගණකය සඳහාත් තිබුණත් මම අද කතාකරන්නේ ඇන්ඩෝයිඩ් උපාංග සදහා ඇති ඇප් එකක් ගැන මොකද අපේ අතේ හැම වෙලාවෙම පරිගණකයට වඩා ති⁣යෙන්නේ ජංගම දුරකථනය නිසා.   අපි හිතමුකෝ google පැත්තෙ රවුමක් දෙකක් ගහද්දී ඔයාලාට වැදගත් වෙබ් පේජ් එකක් හම්බ වෙලා ඒක අපට save කරගන්න ඕන වුනා කියමුකෝ. එතකොට අපි ලග මේ app එක අපි ලඟ තිබුනොත් අපිට ගොඩක් වැදගත් වෙන⁣වා. හැබැයි මේ ඇප් එක නැතත් අපට ඒ අපිට අවශ්‍යය වෙබ් පිටුව අපේ උපාංග ඇතුලේම offline web page එකක් විදියට තියාගන්න පුළුවන්. ඒ කිවුවේ ⁣අපට අවශ්‍යය වෙබ් පිටුව html පිටුවක් ම විදියටත් ඒ පිටුවට අදාල photos එහෙම, තවත් folder එකක් ඇතුලේත් save වෙනවා. එතකොට ඉතින් වැඩේ හරි.. හැබැයි ඉතින් ඒ විදියට save කරගත්තු web page එක තව මොකෙක්ට හරි දෙන්න ගියාම තමයි වැඩේ තියෙන්නේ ඒ කියන්නේ ඉතින් අර කලින් save කරලා ති⁣යෙන files කන්දක් විතර තෝරලා තෝරලා මාර ගේමක් දීලා අපි ඕන file එක තෝරලා තමයි ඒ වැඩේ කරගන්න වෙන්නේ.. ඉතින් ඒ හැම කරදරයකටම විසඳුම තමයි අර මම කලිනුත් කිව්ව මේ " web to pdf " කියන ap එක
මේක කරන්නේ මෙහෙමයි මුලින් ම, ඔයාට අවශ්‍ය වෙබ් පිටුවේ URL එක copy කරගෙන මේ ඇප් එකට ඇවිල්ලා ඒක ඇතුලේ තියෙන input URL here to convert කියන තැනට past කරලා Convert Button එක ඔබන්න එතකොට ඒ වෙබ් පිටුව ටික වෙලාවකින් pdf එකක් වෙලා එයි.

මෙන්න විශේෂ ම කාරනේ, මේ වගේ web to pdf aps ගොඩක් play එකේ තියෙනවා. හැබැයි ඒ ඇප් සිංහල වලට සහය දක්වන්නේ නෑ. සිංහල අකුරු වදින්නෙ කෙටෙු කොටු වගේ (◻️◻️◻️◻️) හැබැයි මේ ඇප් එකේ එහෙම අවුලක් නෑ.

මෙන්න play store URL එක මෙතන ක්ලික් කරලා play එකෙන් බාගන්න

පහල ති⁣යෙන පින්තූර ටිකත් බලන්න

PDF එකක් ඡායාරූපයක් කරමු ( pdf to jpg )

ඔයාලා දන්නවානෙ මම ඔයාලාට කියලා දෙන්නේ මගේ සාමාන්‍ය ජිවිතයේදී මට එන ප්‍රශ්න ගැටලු වලට විසඳුම් හොයන්න මම කරන ක්‍රියාන්විත වලදී මම ඉගෙනගන්න දේවල් කියලා. අද ඒ විදියට මම කියලා දෙන්න යන්නේ  pdf එකක් images එකක් එහෙමත් නැත්තම් ඡායාරූපයක් කරන්නේ කොහොමද කියලා. මේක ඔයාලාට දැන් වැදගත් නොවුනත් කවදාහරි මේක වැදගත් වෙයි..

මගේ මේ ධර්ම දේශනයේ නිධාන කතාව කියනවානම් පිංවතුනි..
මම මේ දවස් වල 11 වසරේ ඉන්න ict විෂය කරන පොරවල් ටිකට ඇන්ඩ්‍රෝයිඩ් උපාංග වලින් බලන්න පුළුවන් විදියට නව නිර්දේශ ප්‍රශ්න පත්‍ර app එකක් හදනවා. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රශ්න පත්‍රය තිබුණේ pdf එකක් විදියට ඇප් එක ඇතුලේ pdf එකක් දානවට වැඩිය images ටිකක් දාලා ඒ images වලට ගැලපෙන html පිටුවක් දාලා හදන එක ලේසියි. ඉතින් මම අර pdf එක images ටිකක් කරන්න මුලින්ම ගත්තා software එකක් හැබැයි ඒ software එකෙන් මේ pdf එක images කරන්න පැයක් විතර යනවා. ඉතින් මෙච්චර වෙලා කාලෙ කකා ඉන්නවට වැඩිය , මම වෙන හොඳ ක්‍රමයක් හොයන්න google දෙයියො ලඟට ගිහින් ඇහුවම google දෙයියො , මට මේ වැඩේ කරගන්න පුළුවන් web site ගොඩක් හොයා දුන්නා. හැබැයි ඉතින් අර ලාබ බඩුවේ හිලක් ඇති වගේ free site වල මේ වැඩේට ගොඩාක් වෙලා යනවා. ඉතින් මම කොහොම හරි free දෙන ඉක්මනින්ම වැඩෙත් කරලා දෙන pdf convert site එකක් හොයාගත්තා.
😇

ඉතින් මම මේ බොහෝම අමාරුවෙන් හොයාගත්ත මේ online pdf convert web site එක ඔයාලාත් දැනගන්න මම
පහලින් දාන්නම් මේ convert කිරිමට හරිම ලේසියි

මේ Site එකේ තව ගොඩාක් වැඩ කරගන්න පුළුවන් ඒකට මේ site එකේ මෙනුවෙන් අවශ්‍ය කාර්ය තෝරාගන්න

මෙන්න Home page URL එක :-
# https://smallpdf.com

මෙන්න pdf එකක් jpg කරන කොටසට අයිති URL එක :-
# https://smallpdf.com/pdf-to-jpg