Monday, October 3, 2016

"TubeMate" YouTube වීඩියෝ Download කිරීමට ඇති හොඳම ක්‍රමය

YouTube යනු, අද වන විට, ලොව වීඩියෝ ආශ්‍රිත වෙබ් අඩවි අතරින් ප්‍රධාන ස්ථානය හිමි කරගත් වෙබ් අඩවියකි. අද වන විට බොහොමයක් පිරිස smartphone , පරිගණක වැනි උපාංග  භාවිතා කරමින් මෙම YouTube වෙබ් අඩවිය තුළින් විවිධ වර්ගයේ වීඩියෝ නැරඹීම සිදුකරයි. ඒ අතරිනුත් වැඩි පිරිසක් smartphone භාවිතා කොට YouTube වෙත පිවිසෙන පිරිසයි. ඔබ එළෙස YouTube වෙතින් නරඹන වීඩියෝ අතරින් ඔබ වඩාත් කැමති වීඩියෝවක් YouTube හරහා කැමති වාර ගණනක් නැවත නැවත නැරඹීම කළහැකි වුවත් එය ආර්ථික අතින් නම් එතරම්ම වාසිදායක වන්නේ නැත. ඊට හේතුව වන්නේ YouTube මගින් වීඩියෝ නැරඹීමේඳි අධික ලෙස "ඩේටා" වැය වීමයි. මේ හේතුන් මත අපට මෙම වීඩියෝ බාගතකිරීමේ (Download)  අවශ්‍යතාව මතුවේ. මේ සඳහා අපට අවශ්‍ය වීඩියෝ බාගතකිරීමට සහය වන ඇන්ඩ්‍රෝයිඩ් යෙදුම් (apps), Android Market එසේත් නැතිනම් play store තුළ බොහොමයක් තිබුනද එම යෙදුම් අතරින් බොහොමයක් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ නොහැකි YouTube සඳහා සහය නොදක්වන යෙදුම් වේ. ඇතැම් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් සහිත YouTube සඳහා සහය දක්වන යෙදුම් වුවත් එම යෙදුම් මගින් YouTube වීඩියෝ බාගතකිරීම තරමක් දුරට අසීරු ක්‍රියාවකි. මෙම අසීරුකම් වලින් තොරව පහසුවෙන්ම YouTube වීඩියෝ Download කිරීමට විශිෂ්ඨ යෙදුමක් ලෙස "TubeMate" හදුන්වාදිය හැක.

මෙම "TubeMate" යෙදුමෙහි  නවතම සංස්කරණය බාගත කරගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න. http://tubemate.net

2 comments:

  1. ගුණ දොස් කිවුවට ස්තුතියි. අපිත් එක්ක දිගටම ඉන්න.

    ReplyDelete