Wednesday, June 7, 2017

Dialog start points ටික Reload එකක් විදියට දාගමු

ඔයාලත් ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා දැකලා ඇති කාලෙකට සැරයක් Dialog එකෙන් sms එකක් එවනවා ඔයාගෙ startpoints කල් ඉකුත් වෙන්න කලින් ඒ points පාවිච්චි කරන්න කියලා. හැබැයි අපි ඉතින් ඒ sms එක වැඩිය ගනන් ගන්න් නැති නිසා Star points හැමදාම එකතු වෙලා expire වෙනවා. හැබැයි මේකෙන් Prepaid අයට account balance එක වැඩි කරගන්නයි, Postpaid අයට බිල ගෙවන්නයි පුළුවන්.

Startpoints ගාන බලන්නෙ කොහොමද

#141# වලට ගිහින් Step by step වලින් Starpoint balance එක බලාගන්න පුළුවන්.

 Reload කරගන්නේ කොහොමද?

මේකට මෙකට අපේ startpoints ගාන 100 ට ⁣වැඩි වෙන්න ඕන. අපි හිතමු 175 ක් තිබුනා කියලා, එතකොට වැඩිපුර තියන 75 reload එකක් විදියට දාගන්න පුළුවන්. ඔයාට Starpoint 250 ක් තිබුනොත් 150  ක් reload කරගන්න පුළුවන්.

අපි හිතමු Starpoint ගණන 131 යි කියලා. එතකොට අපිට reload කරන්න පුළුවන් 31 යි. එකට message එකක.

Star pay 31    කියලා message එක 141 ට යවන්න.

මමත් මේක කලා හරිගිය නිසා තමයි බ්ලොග් එකටත් දාන්න හිතුවේ පහල screen shots ටික බලන්නකො.

මම මේක දැනගත්තෙ සයිබර් අවකාශ බ්ලොග් සයිට් එකෙන්. 

(අනුුන් මහන්සි වෙලා ලියපු බ්ලොග් පෝස්ට් හොරා වගේ මමත් කොපි කරන එක හරි නැති නිසා තමයි නම දැම්මෙ.)

http://lahirucyberspace.blogspot.com

No comments:

Post a Comment