Monday, April 10, 2017

Photos උඩ සිංහල ටයිප් කරමු

මේ මම අද කියන් යන්නෙ දැනමත් ලංකාවේ ලක්ෂ ගණනක් භාවිතා කරන Sinhala Photo Editor ඇප් එක ගැන හැබැයි තවම සමහරු මේගැන තවම දන්නෙනෑ මේක් මම එච්චර විස්තරයක් දාන්නෙ නෑ මොකද ඇප් එක සම්පුර්ණයෙන්ම සිංහලෙන් තියෙන නිසා භාවිතා කරන විදියට ඔයාලාටම ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම මේකෙ දියුණු කරන්න යෝජනා,චෝදනා ඔන දෙයක් මේක හදපු කෙනාට යවන්න පුළුවන්. ඔයාලා මේ ඇප් එක Download කරගත්තොත් ඔයාලාට දකින්න ලැබෙයි මේ ඇප් එක ඇතුලේ තියෙන font වලට අමතරව ඔයාලා ලග තියෙන Font උනත් භාවිතා කරන්න පුළුවන් කියලා. අන්න ඓ්ක මගේ යෝජනාවක්. ඉතින් ⁣ඔයාලත් දැම්මම play එකට ගිහින් මේ වටිනා ඇප් එක බාගන්න මේක⁣ට හරියන .ttf එක්ස්ටෙන්ෂන් එක තියෙන font තොගයක් ම මම ඔයාලාට ඊලඟ පෝස්ට් එකකින් දෙන්නම්. මම දෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව ගූගල් දෙයියන්ගෙන් අහල බැලුවොත් ඔයාලාටත් හොඳ හොඳ font ගන්න පුළුවන්.

මේ ඇප් එකේ size එක 2.2MB හැබැයි මේකෙ mp3 වලට ඡායාරූප ඇතුලත් කිරීම, ඇප් backup කිරීම, video Edit කිරීම, තිරය වසා භාවිතා කළහැකි වීඩියෝ කැමරාව, ටෝච් එක, වගේ එක එක විශේෂාංග ගොඩාක් තියෙනවා. මේ ඇප් එක භාවිතා කරන ඔයාලාට go keyboard 2015 සහ Eraser කියන අමතර ඇප් දෙකත් ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

මේ Sinhala Photo Editor ඇප් එක මෙතනින් ගිහින් බාගන්න

මේ පහල තියෙන්නේ මම මේ ඇප් එකෙන් හදපු photos ටිකක්

Saturday, April 1, 2017

ඇන්ඩෝයිඩ් දුරකථනයටත් recycle bin එකක්

ඔයාට ගොඩාක් වටිනා photo එකක් video එකක් mp3 එකක් වගේ ඕනම වර්ගයක file එකක් ඔයා අතින් Delete උනොත් මොකද කරන්නේ computer එකේනම් ඉතින් recycle bin එක තියෙන නිසා ඓ්කෙන් Restore කරගන්වා ඒත් එහෙම බැරි android mobile එකේනම් ඉතින් එක්කෝ ඒ file එක ආපහු Download කරගන්නවා ඓහෙමත් නැත්නම් ඉතින් ගිය දේ ගියා කියලා ගොනා වගේ ඉන්නවා. හැබැයි මාර කට්ටක් කාලා හදපු මොකක්හරි file එකක් Delete වුනොත් ඉතින් ඇඬෙන්නෙ තනි ඇහැට(:-D) ඉතින් එහෙම චාටර් කකා ඉන්නෙ නැතිව තමුන් අතින් වැරදිලා Delete වුනු ඔනම format එකක file එකක් (mp4,mp3,jpg,png,gif,mvw.....) ආපහු අපිට ලබාගන්න පුළුවන් විදියට හදපු ඇප් එකක් තමයි මේ Dumpster කියන්නේ. මේවගේ තව ගොඩක් ඇප් google play එකේ තිබුණත් ඒවට වඩා මේක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

මේ Dumpster ඇප් එක මෙතන ක්ලික් කරලා Google Play එකට ගිහින් බාගන්න.

දැන් මෙහෙම දාපු ගමන් මට බනින්න එපා මූ මෙච්චර බයිලා ගැහුවෙ මේක Play Store එකෙන් Download කරගන්න කියලා කියන්නද කියලා. මෙහෙමයි මේ පෝස්ට් එක මම දැම්මේ ඔයාලා මේ ගැන දැනුවත් කරන්න. නැතුව මේ blog එක ඇතුලේම මේ Download දුන්නා කියලා කිසි තේරුමක් නෑ. අනික play එකෙන් Download කරගත්තාම ඔයාලාට දැනට තියෙන අලුත්ම update එකම ගන්න පුළුවන්. එහෙනම් මම ගියා. ඔයාලාට වෙන මොනවා හරි app,software වගේ දෙයක් ගැන දැනගන්න / Download කරගන්න ඕනම් පහලින් Comment කරන්න මම ඒගැන දන්නවානම් අනිවාර්යයෙන්ම කියලා දෙනවා.

Friday, March 31, 2017

Hill-Climb-Racing mod ගේම් එක

මම ගියපාර City Run Racing 3D game එක් mod එක දුන්නනෙ මේ පාර මම දෙන්න හදන්නෙ Hill-Climb-Racing mod එක මේකත් ඉතින් පහල තියෙන විදියට install කරලා තියෙන ඔක්කෝම වාහන ටිකයි පාරවල් ටිකයි අරගෙන අතිතරම් play කරන්න. මම කිය කිය ඉන්න දෙයක් නෑ "හිමුන්තතුවා කෙතලාහිරුවා" (තමුන් හිතුවා හිතලා කෙරුවා) මේකට වෙනමම file replace කර කර ඉන්නවත් වෙන Hacking apps ඕනත් නෑ. ගතත්තා install කලා play කලා..

1. Mod Apk Size: 49 MB
2. Updated 03.16.2017
3. Downloads 100 000 000–500 000 000

# මේ mod game එකේ වාසි ඇතුලෙදී අපිට

1. Unlimited Money
2. Unlimited Diamonds

කියන දේ ලැබෙනවා.

# මෙන්න ගේම් එක install කරලා Play කරන විදියට

1. Hill-Climb-Racing- mod apk from the link below
3. Install the Apk
4. Run the Apk
5. Enjoy

ගේම එක මෙතනින් Download කරගන්න

පහල තියෙන photos ටිකත් බලාගෙනම යන්න.

Saturday, March 18, 2017

City Racing 3D ගේම් එකේ mod එක

අදනම් වැඩිය කතා නෑ උඩ දාලාම තියෙනවානෙ City Racing 3D ගේ එක් mod app එක තමයි දෙන්න හදන්නෙ කියලා. මේක ඉතින් සුපිරි ගේමක් play කරලා තියෙන අය දන්නවා. ඒත් ඇත්තම ගේම් එක ඇතුලේ මුලින්ම දෙන වාහනය පාවිච්චි කරලා මේ ගේම් එක ගහන්න නම් ටිකක් අමාරුයි. ඒත් මේ mod එකේදිනම් එහෙම කරදර නෑ. තියෙන හොඳම කාර් එක අරගෙන පැයක් ඇතුළත මුලු ගේමම ඉවර කරන්න පුළුවන්. මේකට වෙනමම file replace කර කර ඉන්නවත් වෙන Hacking apps ඕනත් නෑ.

# මෙන්න විස්තර ටිකක්

Mod Apk Size: 40MB
Apk Installs: 50,000,000 – 100,000,000
Apk Requirement: 2.3+
Latest Version: 3.0.130
Developer: 3DGames

# මේ mod game එකේ වාසි ඇතුලෙදී අපිට

1. Unlimited Money
2. Unlimited Coins
3. Unlimited Diamonds

කියන දේ ලැබෙනවා.

# මෙන්න ගේම් එක install කරලා Play කරන විදියට

1. Download the city racing 3d mod 2. apk from the link below
3. Install the Apk
4. Run the Apk
5. Enjoy

ගේම එක මෙතනින් Download කරගන්න

පහල තියෙන photos ටිකත් බලාගෙනම යන්න. මම අර ගිය පාර ලියපු අධෝරක්ත කිරණ ගැන ඉතිරි කොටස මම සම්පුර්ණයෙන්ම කරුණු හොයාගන ලියන්නම්. සමහරැ මට පල් ටෝක් දීලා තිබ්බා මේ ගැන කියලා 😁 (:-D)

Tuesday, March 7, 2017

Infrared radiation (අධෝරක්ත කිරණ ) ගැන දැනගමු

අදනම් මම ලියන්නෙ app එකක් ගැනවත් මමයි අපේ රන්දිකයයි හදපු මොකක් හරි ජිල්මාට් එකක් ගැන වත් නෙමෙයි ගොඩාක් කාර්ය වලට ප්‍රායෝගිකව භාවිතා කරන/භාවිතා කරන්න පුළුවන් කිරණ විශේෂයක් වන අධෝරක්ත කිරණ ඒ කියන්නේ infrared radiation. ඔයාලා දන්නවානෙ අපේ පියවි ඇහැට රතු වර්ණයට වඩා පහල සංඛ්‍යාත තියෙන කිරණ වර්ග පෙනෙන්නේ නෑ කියලා ඉතින් මේ රතු වර්ණයට වඩා පහල සංඛ්‍යාත තියෙන අපේ පියවි ඇහැට නොපෙනෙන තරංග පරාසය තමයි අපි අධෝරක්ත කිරණ විදිහට හදුන්වන්නේ. රත් වුනු වස්තු වලින් මේ අධෝරක්ත කිරණ නිකුත් වන නිසාත් මේ කිරණ අපේ ඇඟට වැටුනහම රස්නෙ ගතියක් දැනෙන නිසාත් මේ අධෝරක්ත කිරණ තාප විකිරණය විදිහටත් හඳුන්වනවා (ලු).

දැන් අපි මේ අධෝරක්ත කිරණ වල භාවිතා ගැන බලමු.
මේ අධෝරක්ත කිරණ වල භාවිතා වලට හොඳම උදාහරණය තමයි ඔයාලගෙ TV remote control එක. ඔයාලා TV remote control එක දිහා හොඳට බැලුවොත් පෙනෙයි ඒකෙ ඉස්සරහ පොඩි LED එකක් තියෙනවා ඒකට කියන්නේ IR LED කියලා (සමහර remote control වල නම් මෙක පෙනෙන්නේ නෑ) ඉතින් ඒ LED එක ඔයාගෙ ඇහැ දිහාවට හරවාගන ඔයා කැමති button එකක් ඔබලා බලන්න ඒ LED එක දැල්වෙනවා වෙනවා පෙනෙන්නේ නෑ නේද? දැන් ඔයාගෙ mobile phone එකේ කැමරාව on කරලා කලින් විදිහටම remote control එකේ කැමති button එකක් ඔබලා ඒක කැමරාව හරහා බලන්න. ඒක දැල්වෙන හැටි පේනවා නේද? හරි දැන් අධෝරක්ත කිරණ වල තවත් භාවිත ටිකක් බලමු. මේ තියෙන්නේ cctv කැමරා, සමහර සෙල්ලම් භාන්ඩ , night vision කැමරා , යුධ උපකරණ එවාගෙන් කොටසක්.

ඒ දේවල් අතරිනුත් මගේ හිත ගියේ cctv වල භාවිතය ගැන

ඉතින් මේ cctv වල අධෝරක්ත කිරණ භාවිතය හරිම අපූරු දෙයක්. ඒ කියන්නේ මම කලින් කිවුවා මතකයිනේ මේ අධෝරක්ත කිරණ අපේ ඇසට පෙනෙන්නේ නෑ කියලා ඉතින් මේ සංසිද්ධිය ගැනගොඩාක් අපූරුවට හිතපු cctv කැමරා නිර්මාණකරුවෝ මේ කැමරාව අදුරු අවස්ථා වල ක්‍රියාත්මක වෙලා තියෙනකොට කැමරාවට අවශ්‍ය ආලෝකය ලබාගන්න සාමාන්‍ය LED වෙනුවට මේ IR LED යොදාගෙන තියෙනවා. දැන් වැඩේ තේරුනානෙ එතකොට රෑට මේ කැමරා තියෙන තැනක මොකක්හරි හොර වැඩකට හොරෙක් ගියොත් හොරා එකෙන්ම මාට්ටු. මොකද හොරාට කැමරාව නොපෙනුණාට කැමරාවට හොරාව පෙනෙනවා. 😁 ඒ නිසා උඹලත් රෑට හොරකමේ යනකොට මතක ඇතුව phone ඓකේ කැමරාව on කරගෙන පලයල්ලා.... 😂😂😂 පොඩි විහිලුවක් ඈ ගනන් ගන්න එපා.

ඉතින් එහෙනම් මම ගියා මේ ලිපියේ තව කොටසක් ලබන පාර දාන්නම් (පොඩි remote control කෑල්ලක් එහෙම හදන හැටි)

Sunday, January 29, 2017

Root නැතිව screen record කරමු

screen recording කියන්නෙ මොකක්ද කියලා දන්නවද?   ඕක දන්නෙ නැති එකෙක් ඉන්නවද නේ. screen recording කියන්නෙ ඉතින් තමන්ගෙ දුරකථනයේ හරි ටැබ් එකේ එහෙමත් නැත්නම් pc එකේ තිරයේ පෙනෙන දේවල් වීඩියෝ එකක් විදිහට පටිගත කිරීම. pc එකට නම් මේක එච්චර ගේමක් නෑ මොකද pc වලට ඔය screen recording software ඕන තරම් තියෙනවා. ඒ වුනාට android කස්ටියටනම් ඒක ටිකක් අමාරු වැඩක් මොකද ඇන්ඩ්‍රෝයිඩ් වලට screen recording apps ඕන තරම් Google play Store එකේ එහෙම තිබුණත් ඒවට root ඕන නැත්නම් ඇන්ඩ්‍රෝයිඩ් ලොලිපොප් ඕන. දැනටමත් phone එක root කරලා තියෙන අයටයි ඇන්ඩ්‍රෝයිඩ් ලොලිපොප් තියෙන අයට විතරයි ඒකේ ආතල් ගන්න පුළුවන් වෙන්නේ.ඒ වුනාට ඇන්ඩ්‍රෝයිඩ් phone එකක් අලුතෙන් ගත්ත අය නම් තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් phone එක root කරන්නේ නෑනෙ මොකද ගැරන්ටි නැති වෙනවාට බයයි. තවත් සමහරු තමන්ගෙ phone එක අරගෙන, දාගන roooooooooot කලත් root වෙන්නේ නෑ. අන්න ඒ වගේ අයට තමන්ගෙ ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන හෝ ටැබ් එක root කිරීමකින් තොරවම screen එක record කරන්න තියෙන හොඳම ඇප් එකක් තමයි Mobizen කියන්නේ මේකෙ වාසි තමයි 

1. root ඕනම නැ
2. තමන්ට අවශ්‍ය කොලිටි වලට රෙකෝඩ් කරන්න පුළුවන්
3. ඒ රෙකෝඩ් එකේ තමන්ට අනවශ්‍ය කොටස් ඉවත් කරලා edit කරගන්න පුළුවන්.

ඉතින් මේ වගේ තව වාසි ගොඩක් තියෙනවා ඔයාලත් අරගෙනම බලන්න..
මම ගියා..

මේ link එක ක්ලික් කරලා play store එකට ගිහින් Mobizen ඇප් එක Download කරගන්න 

https://play.google.com/store/apps/details?id=com.rsupport.mvagent


Friday, November 11, 2016

"විදු නැණ පියස" අපේ mini android app එක

ඔන්න ඉතින් මම ගොඩක් කල් ඉඳලා හිතාගෙන හිටපු දෙයක් තමයි අපේ බ්ලොග් අඩවියටත් android app එකක් හදන එක. මොකද දැන් ඉතින් බ්ලොග් එකක් තියෙන හැමෝම තමන්ගේ  බ්ලොග් අඩවියට එන අයගෙ පහසුව සදහා blog apps හදනවානෙ. හැබැයි අපේ ඇප් එක අනිත් blog apps වලට වඩා විශෙශ්ෂයි. ඒ මොකද වෙනත් blog apps අඩුම තරමේ 2MB තරමේවත් ඉඩකඩක් භාවිතා කළත්, අපේ මේ ඇප් එකේ ප්‍රමාණය නම් 231KB තරමේ ඉතා කුඩා එකක්. ඉතින් ඔයාලා දන්නවානේ 231KB කියන්නෙ සාමාන්‍යයෙන්, හොඳ තත්වයේ ඡායාරූපයක් දුරකථනයේ ගබඩා කිරීමේදී වැයවන ඉඩ ප්‍රමාණයට සමාන ඉඩ ප්‍රමාණයක් කියලා. එ් නිසාම ඔබේ දුරකථනයේ ඉඩකඩ අඩු දුරකථනයක් වුවත් ඔබේ අනෙකුත් ක්‍රියාකාරකම් වලට මෙය බාධාවක් නෙවේවි

ඇප් එක Download කරගැනීමට පහත "Download" මත ක්ලික් කරන්න

>>>>>>>>>>> Download <<<<<<<<<<<